ශ්‍රී ලංකන් අත්පත් කර ගැනීමට සුප්‍රීම් ග්ලොබල් හෝල්ඩිංග්ස් මැලේසියාවේ සමාගමක් හා එක් වෙයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා සිය ආයෝජන යෝජනා ඉදිරිපත් කර ඇති සමාගම් හා සම්බන්ධව සිටින මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම එම කටයුතු සඳහා මැලේසියානු ගුවන් සේවා සමාගමක් සමගින් හවුල්කාරීත්වයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

මැලේසියානු මාධ්‍ය සඳහන් කරන ආකාරයට එරට ක්‍රියාත්මක MMAG Holdings Bhd’s හි පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් වන MMAG Aviation Consortium Sdn Bhd (MAC) සමාගම සමගින් මෙලෙස සුප්‍රීම්  ග්ලෝබල් හෝල්ඩිංග්ස් හවුල්කාරීත්වයට පිවිස තිබේ.

මෙම හවුල්කාරීත්වය හරහා සුප්‍රීම් ග්ලෝබල් හෝලඩිංග්ස් සමාගමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතත්පත් කරගනිමින් ඉදිරි කටයුතු වෙත සහාය ලබාදීම සැලසුම වී තිබේ.

මෙම MMAG Aviation Consortium Sdn Bhd (MAC) සමාගම ගුවන් භාණ්ඩ ප්‍රවාහන (Air Cargo) අංශයේ විශේෂඥතාවක් සහිත සමාගමක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව සුප්‍රිම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමගින් එක්ව සිය මෙහෙයුම් තවදුරටත් ව්‍යාප්ත කිරිමට අවස්ථාව හිමි වන බව එම සමාගම පවසා සිටියි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයේදී එහි කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජන යෝජනා ඉදිරිපත් කර ඇති සමාගම් අතර සිටින ඉන්දියාවේ Sherisha Technologies යන සමාගම හා එක්ව සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගම සිටින බව වාර්තා පවසයි. එහිදී එම සමාගම් දෙක සහ කටාරයේ MBS Global Investments සමගින් පිහිටුවන ලද ඒකාබද්ධ හවුල්කාරී සංධානයක් යටතේ මෙම ආයෝජන යෝජනා ඉදිරිපත් කර තිබේ.

Views: 0