වැඩිදියුණු කළ සම්පත් Vishwa Retail App එළිදකී

ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රයට සුවිශේෂී නවෝත්පාදනයන් රැසක් හඳුන්වා දුන් බැංකුකරණයේ ප්‍රමුඛයා වන සම්පත් බැංකුව සිය පාරිභෝගික ජනතාවගේ දෛනික ගණුදෙනු වඩා කාර්යක්ෂමව සහ සුරක්ෂිතව ඉටුකර ගැනීමේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් ‘Sampath Vishwa Retail App’ නවමු අංගයන් රැසකින් වැඩි දියුණු කර යළි ජනගත කිරීම පසුගියදා සිදු කළේය.

සම්පත් බැංකුවේ සමස්ථ පාරිභෝගික ප්‍රජාවෙන් සියයට 25ක් මේ වනවිටත් දෛනික බැංකු කටයුතු කාර්යක්ෂමව සහ ආරක්ෂිතව ඉටුකර ගැනීමට ‘සම්පත් විශ්ව අන්තර්ජාල යෙදවුම (Sampath Vishwa Retail App)’ භාවිත කරයි.

යෙදවුම යාවත්කාලීන කරමින් යළි ජනගත කිරීම ඔස්සේ ගෝලීය නව තාක්ෂණයට මුහුවෙමින් බැංකුවට නොයා සියලුම මාදිලියේ බැංකු කටයුතු අත රැඳි ජංගම දුරකතනය ඔස්සේ වඩාත් සුවපහසුවෙන් සහ ආරක්ෂිතව කිරීමට සම්පත් බැංකුව පාරිභෝගිකයින්ට අවකාශ සලසාදී තිබේ.

දෛනික ජන ජීවිතයේ කාර්යබහුලත්වයත් සමඟ කාලය කළමණාකරණය කරගැනීම පාරිභෝගිකයින් මූණදෙන බරපතල ගැටලු‍වකි. ඒ බව හොඳින් වටහාගත් සම්පත් බැංකුව පාරිභෝගිකයින්ගේ ගැටලු‍, අවශ්‍යතා සහ සිතුම්- පැතුම් තේරුම්ගනිමින් ඊට ස්ථිරසාර විසඳුම් සැපයීම Sampath Vishwa Retail App යෙදවුම මගින් ඉටු කිරීමට බලාපොරොත්තු වෙයි.

දීර්ඝ කාලයක සිට වඩාත් කාර්යක්ෂම සහ ආරක්ෂාකාරී බැංකුකරණ අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබාදෙමින් අන්තර්ජාල බැංකුකරණය විප්ලවීය මානයකට යොමුකළ ‘සම්පත් විශ්ව අන්තර්ජාල යෙදවුම’(APP) ආරක්ෂිත සහ ඕනෑම පාරිභෝගිකයෙකුට සරලව තේරුම්ගත හැකි අයුරේ අන්තර්ගතයක් සහිතව යාවත්කාලීන කිරීම කර ඇත. ‍

එමෙන්ම පාරිභෝගිකයා සහ බැංකුව අතර පැවතිය යුතු ලෙන්ගතු බැඳීම ශක්තිමත් වන අයුරින් සුවිශේෂි අංගයන් රැසකින් සමන්විතව, භාවිතයේ සුවපහසුවට මුල්තැන ලබාදෙමින් නව යෙදවුම සකසා ඇත.

ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර ඇති යෙදවුමට වේගවත්ව ඇතුලු‍වීමටත්, පූර්ණ ආරක්ෂාව සමඟ අවශ්‍ය සියලු‍ම බැංකු කටයුතු වඩාත් පහසුවෙන් කරගැනීමටත් අවශ්‍ය පහසුකම් නිර්මාණය කර ඇත. එළෙස නිර්මාණය කර ඇති යෙදවුමේ සුවිශේෂි අන්තර්ගතයන් රැසක් පවතී.

එනම් යෙදවුමට සම්බන්ධ වීමට සහ ක්‍රියාත්මක කිරීමට මුහුණු හඳුනාගැනීම (Face ID)” ඇඟිලි සලකුණු (Fingerprint) තාක්ෂණයෙන් සමන්විත වීම, ජෛවමිතික සමඟ ගණුදෙනු (Perform Transaction with Biometrics) මෙන්ම අංගසම්පූර්ණ අලංකාර නව අතුරු මුහුණතක් (Interface) සමඟින් වැඩිදියුණු කළ විශේෂාංග රැසක් අන්තර්ගත කොට තිබේ.
එමෙන්ම නිතර බිල්පත් ගෙවීම් සහ ගණුදෙනු කටයුතු සිදුකරන්නන් සුවිශේෂී ගණුදෙනුකරුවන් ලෙස හඳුනාගැනීමේ තාක්ෂණය, කෙටි කාලයක් තුළ ඕනෑම අයෙකුට මුදල් යැවීමට අවස්ථාව සැලසීම, වේගවත් ක්‍රියාකාරිත්වය මෙන්ම පණිවිඩ හුවමාරු සේවාවද මේ ඔස්සේ සලසා ඇත.

තවද ඉතුරුම් ගිණුමට හෝ ජංගම ගිණුමට මෙන්ම කාඩ්පතට පහසුවෙන් පිවිසීමේ අවස්ථාව, අර්ධ හෝ පූර්ණ වශයෙන් ණය ගෙවීමේ පහසුකම් සැපයීම, කාඩ්පතේ ගණුදෙනු සීමාවන් වෙනස් කිරීම මෙන්ම පහසුවෙන් උපාංග කළමණාකරණය කරගැනීමට පරිශීලකයාටම අවස්ථාව සලසා දීම මෙම යෙදවුමේ ඇති සුවිශේෂි අංගයන් වන්නේය.

එමෙන්ම විදේශගතව ඇති අවස්ථාවකදී වූවද රොමිං පහසුකම මත පදනම් නොවී one-time password ක්‍රමයෙන් තොරව ජෛවමිතික ක්‍රමය ඔස්සේ වඩාත් පහසුවෙන් සහ ආරක්ෂිතව ගණුදෙනු කටයුතු කිරීමට Sampath Vishwa Retail යෙදවුම අවස්ථාව සලසා දී ඇත.

Views: 0