සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඩ්හි වෙත රුපියල් මිලියන 3,270 ක ආයෝජනයකට IFC සැරසෙයි

විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා (SHL) හි රුපියල් මිලියන 3,270 ක කොටස් ආයෝජනයක් සිදු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ගිවිසුමකට එළඹෙන ලදී. එම ගිවිසුමෙහි කොන්දේසි යටතේ සන්ෂයින් හෙල්ත්කෙයාර්හි 14.7%ක ප්‍රතිශතයක් IFC හට හිමි වීමට නියමිතය.

දිනෙන් දින ඉහළ පවතින මෙරට සෟඛ්‍ය සේවා අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් සන්ෂයින්හි කැපවීම තව තවත් දිරි ගන්වන මෙම ආයෝජනය රට පුරා සෞඛ්‍ය සේවාවන් බෙදා හැරීම ඉහළ නැංවීම සඳහා සන්ෂයින් හෙල්ත්කෙයාර් හි ආයෝජන ව්‍යාපෘති වලටද සුවිසල් ශක්තියක් වනු ඇත. එහි එක් පියවරක් ලෙස සන්ෂයින් ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing හි වාර්ෂික නිෂ්පාදනය Metered-Dose Inhalers (MDIs) 750,000 සිට ඒකක මිලියන 3ක් දක්වා වැඩි කිරීමට මෙන්ම DPI කරල් (Capsule) නිෂ්පාදන ඉහළ නැංවීමටද නියමිතව ඇත.

මෙහිදී රෝග විනිශ්චය හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් වෛද්‍ය උපාංග අංශය තුළ මෙන්ම කේන්ද්‍රීය සැපයුම් පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඖෂධ බෙදා හැරීමේ අංශය තුළද ආයෝජනය කරනු ඇත. Healthguard Pharmacy ආයෝජනය කිරීමට කටයුතු කරනු ඇත්තේ සිල්ලර හා ඔන්ලයින් වෙළෙඳපොල නඟා සිටුවීම වෙනුවෙනි. මේ තුළින් සන්ෂයින් හෝල්ඩිංග්ස්හි වර්ධනය මෙන්ම ් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතීන් ශක්තිමත් කිරීම කිරීම IFC හි අපේක්ෂාවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී එල් සී ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා “IFC සහයෝගය සමඟින් Lina Manufacturing නිෂ්පාදනයන්හි සිට රෝග විනිශ්චය හැකියාවන් ඉහළ නැංවීම දක්වා මෙන්ම බෙදාහැරීමේ ජාලය හා අලෙවිසැල් වර්ධනය වෙනුවෙන් සන්ෂයින් හෝල්ඩිංග්ස්හි මෙහෙයුම් සැලකිය යුතු ආකාරයෙන් ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

IFC හි ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි මහතා මෙහිදී සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාව පුරා තිරසාර සැපයුම්දාමයන් ශක්තිමත් කිරීම හා තිරසාර බෙදා හැරීම් ජාලයක් නිර්මාණය කිරීම සඳහා සන්ෂයින් හෙල්ත්කෙයාර්හි ආයෝජනය කිරීමට IFC කටයුතු කරනවා. සෞඛ්‍ය ආරක්ෂණයට හේතු වන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගුණාත්මක, නව්‍ය විසඳුම් සපුරා ගැනීමේ අවස්ථාව සළසා දීම තුළින් එම අංශයේ මනා සංවර්ධනයක් වෙනුවෙන් පදනමක් නිර්මාණය කළ හැකි යැයි අප විශ්වාස කරනවා” යනුවෙනි.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ආයෝජන උපදේශක ලෙස Asia Securities කටයුතු කරන අතර එහි නීති උපදේශක ලෙස කටයුතු කරනුයේ DLF De Saram විසිනි. උපාය මාර්ග ප්‍රධානී හිරාන් සමරසිංහ, සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී අරුණ දීප්ති කුමාර සහ සමූහ නීති උපදේශිකා රොෂානි කොබ්බෑකඩුව යන මහත්ම මහත්මීන් විසින් අභ්‍යන්තර කණ්ඩායම මෙහෙයවන ලදී.

Views: 0