සම්පත් බැංකුව ලංකාවේ ප්‍රථමවරට Sampath PayBand හඳුන්වා දෙයි

සම්පත් බැංකුව මෙරට පළමුවරට Sampath PayBand නමින් බහුකාර්ය ගෙවීම් පළඳනාවක් හඳුන් දුන් බව පවසයි. මෙය ලංකාවේ වත්මන් ගෙවීම් ක්‍රමවේදයන් නවමානයකට ගෙනයනු ඇතැයි සම්පත් බැංකුව විශ්වාසය පළ කර සිටියි.

විශේෂයෙන්ම සම්බන්ධතා රහිත ගෙවීම් සඳහා වන ගෝලීය ප්‍රවණතාවය මෙරට වෙතද හඳුන්වාදීම වෙනුවෙන් මෙම Sampath PayBand ඉදිරිපත් කරන බව බැංකුව සඳහන් කරයි. මේ හරහා ගනුදෙනු සඳහා පහසු සහ වඩාත් ආරක්ෂිත නව යුගයක් සනිටුහන් කරනු ඇති බවත් බැංකුව පවසයි.

මෙය සම්පත් බැංකුවෙහි ඉතුරුම් ගිණුම් සමග ඒකාබද්ධ කර ඇති ගෙවීමේ චිප් පතක් සහිත අතේ පැළැදිය හැකි උපාංගයකි. මෙම අති නවීන උපාංගය මගින් පරිශීලකයන්ට පහසුවෙන් ඕනෑම NFC සක්‍රීය POS ගෙවීම් උපකරණයක් තුළ සරල tap කිරීමක් මගින් ඕනෑම ගනුදෙනුවක් පහසුවෙන් සිදු කරගැනීමට හැකියාව සලසා දෙයි.

ජාත්‍යන්තර VISA ආයතනය සමග සහයෝගිතාවයෙන් මෙම නවතම Sampath PayBand දියත් කෙරී තිබේ. විශේෂයෙන්ම නව GenZ පරම්පරාවට සහ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ ගනුදෙනුකරුවන්ට මෙම Sampath PayBand හඳුන්වා දෙන බව සම්පත් බැංකුව පවසයි.

දැනට පවතින සහ නව ගිණුම් හිමියන්ට ජූනි මස මැද සිට තෝරාගත් සම්පත් බැංකු ශාඛා වලින් මෙම Sampath PayBand ලබා ගත හැකිය. එහිදී එම උපාංගය භාවිතය පිළිබඳව පාරිභෝගික නියෝජිතයෙකුගේ සහායද ලබා දෙයි.

Views: 0