ලාෆ් ගෑස් මිලත් පහළට

අද මධ්‍යම රාාත්‍රියේ සිට ලාෆ්  ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව  ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (3) ප්‍රකාශ කළේය.

ඒ අනුව අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන ලෙස කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 110 කින් ද, පහළ දමා තිබේ.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3840 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1542 ක් දක්වා ද පහළ බැස තිබේ.

Views: 0