MAS හි Femography නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරයි

MAS හි Femography විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වන කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.

මෙරට කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් වීම වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය. සුවිශේෂී කාන්තා අවශ්‍යතාවන් සඳහා විසඳුම් සෙවීමේ උත්සාහයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් දියත් කළ මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන කාන්තාවන් 2000කට අධික ප්‍රමාණයක් වෙත ආධාර ලබා දීමයි.

මෙම නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා පරිත්‍යාගය හා සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා අරමුදල් සපයා ගැනීම හා දැනුවත් කිරීම වෙනුවෙන් ‘Run For Her’ සමඟ අත්වැල් බැඳගැනීමට ද Femography කටයුතු කරන ලදී.

කාන්තා සුන්දරත්වය ඔප් නංවමින් සිය ඇඳුම් පැළඳුම් හරහා කාන්තාවන්ට මනා සෞඛ්‍යයක්, අභිමානයක් මෙන්ම විශ්වාසයක් ඇති කිරීම වෙනුවෙන් ආරම්භ කළ Femography, FemTech ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමීන් ලෙස කාන්තා සනීපාරක්ෂාව වෙනුවෙන් වන සාම්ප්‍රදායික සීමාවන්වලට එරෙහිව නැගී සිටින සන්නාමයක් ලෙසද සඳහන් කළ හැකිය.

ඒ නිසාම කාන්තා සනීපාරක්ෂාවේදී ඉවත දැමිය හැකි සනීපාරක්ෂක නිෂ්පාදනයන්හි සිට නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක නිෂ්පාදන දක්වා නවෝත්පාදනයන් තුළින් කාන්තා යහ පැවැත්ම සඳහා සුවිසල් දායකත්වයක් දැක්වීමට ඔවුන් කටයුතු කර ඇත.

කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණ දීම සඳහා Femography හි කැපවීම පිළිබිඹු කරන මෙම වැඩසටහන සමාජ වගකීම් හා නව්‍යකරණයන් පිළිබඳ Femography හි මෙහෙවරද මනාව ප්‍රදර්ශනය කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ MAS Femography හි ප්‍රධාන විධායක නිලධාරී Pilar Diaz සඳහන් කර සිටියේ “අපි නිරන්තරයෙන් ඇඟලුම් නිෂ්පාදනයේ හා නව්‍යකරණයේ ප්‍රමුඛයින්ට වඩා වැඩි යමක් ලබා දීමට කටයුතු කරනවා. එහිදී පාරිභෝගිකයා වෙනුවෙන් නියම විසඳුම් ලබා දීමට අපි සැලසුම් කර තිබෙනවා. කාන්තා සනීපාරක්ෂාව වෙනුවෙන් වරක් භාවිත කළ හැකි නිෂ්පාදනයන්හි සිට නැවත භාවිත කළ හැකි නිෂ්පාදනයන් දක්වා ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක් තුළින් කාන්තා සනීපාරක්ෂාව ඉහළ නැංවීම සඳහා අප කටයුතු කළා.” යනුවෙනි.

Views: 0