අද සිට සිමෙන්ති මිල පහළට

අද (මැයි 01දා) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහත දමා ඇති බව සිමෙන්ති සමාගම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඒ අනුව, කිලෝ 50 සිමෙන්ති බෑගයක උපරිම සිල්ලර මිල රු. 2,400/-ක් වනු ඇත. පිරිවැය අඩු වීමේ ප්‍රතිලාභය ඍජුවම පාරිභෝගිකයන් වෙත ලබා දෙමින් දේශීය ඉදිකිරීම් කර්මාන්තය නංවාලීම මෙම මිල සංශෝධනයේ අරමුණ බව එම සමාගම් දන්වා සිටියි.

Views: 0