හම්බන්තොට වරායේ නව ව්‍යාපෘති 15ක් සඳහා ගිවිසුම් අත්සන් තැබේ
හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘති 15ක් සඳහා ගිවිසුම් අත්සන් තැබීම සහ පීත්ත පටි කැපීමේ උත්සව අවස්ථාවක් ඊයේ දිනයේදී එම පරිශ්‍රයේදී සිදු විය.
මෙහිදී නෞකා භාණ්ඩ ප්‍රවාහන, ලොජිස්ටික් සේවා, ගබඩා, තීරුබදු රහිත සේවා, ඉන්ධන අලෙවිය, ඉදිකිරීම්, යාත්‍රා නිෂ්පාදනය ඇතුළු ව්‍යාපෘති සම්බන්දයෙන් එම ගිවිසුම් අත්සන් තැබීම සිදුව තිබේ.
ශ්‍රී ලංකා, චීන, මාලදිවයින් සහ ඉන්දුනීසියානු ආයෝජන හරහා මෙම ව්‍යාපෘති සිදු කෙරෙන බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රදාන විධායක නිලදාරී ජොන්සන් ලියු ඇතුළු ආයෝජකයන් මෙම අවස්ථාවට සම්බන්ධ වී තිබේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය ශ්‍රී ලංකා රජය සහ චීනයේ චයිනා මර්චන්ට්ස් පොර්ට් හෝල්ඩිංග්ස් (CMPort) සමාගම අතර ඇති කරගත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යයි.
මෙම ආයෝජන ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය නැවතත් පැමිණෙමින් තිබෙන බව පවසා තිබේ.

Hits: 160