Samsung ශ්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra මෙරට වෙළෙඳපොලට හඳුන්වාදෙයි

Samsung Electronics ශ‍්‍රී ලංකා සමාගම විසින් සිය නවතම Galaxy S23 Ultra සහ Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩය ඊයේ කොළඹ මැරියට් හෝටලයේදී එළි දක්වන ලදී.

Samsung Galaxy සතු epic කැමරාව තුළින් පරිවර්තනීය AI තාක්ෂණය සමඟින් සැබෑ සිනමාත්මක Nightography වීඩියෝ ලබා ගැනීමේ අවස්ථාව හිමි කර දෙමින් තමන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමේ අවස්ථාව පරිශීලකයන් වෙත ලබා දීමට මෙම නවතම smartphones සමත්ව ඇත.

එසේම පෙරළිකාර AI තාක්ෂණය, අනාගතයට අවැසි තාක්ෂණයෙන් යුත් ජංගම දුරකතන, gaming විශේෂාංග සහ ලොව වේගවත්ම ජංගම දුරකතන ග‍්‍රැෆික් තාක්ෂණය සමඟින් එන නියමාකාරයෙන් ක‍්‍රීඩා කිරීමේ හැකියාව අති ප‍්‍රබල gaming තාක්ෂණය ඇතුළු Galaxy සඳහාම හඳුන්වා දී ඇති 8 Gen ජංගම දුරකතන වේදිකාව වන Snapdragon® වැනි අත්දැකීම් රැසක් මේ තුළින් අත්විඳිය හැකිය.

තවද බොහෝ කාලයක් තිස්සේ Samsung Galaxy භාවිත කරනු ලබන පරිශීලකයින් වඩාත් ප‍්‍රිය කරන ඵලදායීතාව, සටහන් තබා ගැනීම, විනෝදාංශ හා තවත් බොහෝ දේ සඳහා බෙහෙවින් වැදගත් වනු ඇත.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ වෙනත්  ඕනෑම ජංගම දුරකතනයකටත් වඩා ප‍්‍රතික‍්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය භාවිතයෙන් වැඩි කොටසක් නිර්මාණය කරමින් සමාගමේ පරිසරය පිළිබඳ තිරසාර කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යනු ලබන සුවිශේෂී සැලසුමක් අනුව නිෂ්පාදන පෙළෙහි නවතම ප‍්‍රමිති සැකසුම් නවෝත්පාදනයන් නිර්මාණය කර තිබීමයි.

මේ සම්බන්ධයෙන් අදහසු දැක්වූ Samsung ශ‍්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ සන්ග්වා සොන්ග් මහතා, ‘බලපෑම් සහගත තාක්ෂණයේ වටිනාකම අද මිනිසුන්ට ලබා දෙන දේ මත පමණක් නොව එය අනාගතයට දායක වන ආකාරය මත මනිනු ලබනවා. Galaxy S23 මාදිලි පෙළ විශ්වාසදායී අතිවිශිෂ්ට smartphones අත්දැකීම්වල නවතම ප‍්‍රමිතියේ හිමිකරුවා ලෙස සඳහන් කළ හැකියි. අපි ඉතා ප‍්‍රබල, කල් පවත්නා නව්‍ය නිෂ්පාදනයන් හා තිරසාරත්වය යන දෙකම එකට පාරිභෝගිකයා වෙත ලබා දීම තුළින් උපරිම කාර්යසාධනය යන්න යළි යළිත් සනාථ කිරීමේ සුවිසල් මෙහෙවරක යෙදී සිටිනවා.’’ යනුවෙන් පවසා සිටියේය.

ඕනෑම තරාතිරමක ඡුයාරූප ශිල්පියෙකු හට අති විශිෂ්ට ආකාරයෙන් අන්තර්ගතයන් ග‍්‍රහණය කර ගැනීමේ හැකියාව ලබා දෙන Galaxy S23 මඟින් Samsung Galaxy හි වඩාත්ම දියුණු කැමරා පද්ධතිය ඔබ වෙත ගෙන එනු ලබයි. විශේෂයෙන්  ඕනෑම ආලෝක තත්වයකට ගැලපෙන ඇදහිය නොහැකි ආකාරයේ විස්තර ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති එහි වැඩි දියුණු කරන ලද Nightography හැකියාවන් තුළින් පුළුල් පරාසයක පරිසර තත්වයන් තුළ ඡායාරූප හා වීඩියෝ ඉහළ මට්ටමින් ග‍්‍රහණය කරගන්නා ආකාරය පරිවර්තනය කිරීමට Galaxy S නිෂ්පාදන පෙළ සමත් වේ.

ප‍්‍රථමයෙන් Samsung Galaxy හි 200MP Adaptive පික්සල් sensor එකකින් සමන්විත Galaxy S23 අතිවිශිෂ්ට අවස්ථාවන් අසමසම නිවැරදිතාවයකින් යුතුව ග‍්‍රහණය කර ගැනීමට ඉඩ සලසන එය බහුවිධ අධි විභේදන සැකසුම් සඳහා සහාය දැක්වීම වෙනුවෙන් පික්සල් binning භාවිත කරනු ලබයි. Galaxy S23 නිෂ්පාදන පෙළ වේගවත් ස්වයංක‍්‍රීය නාභිගත කිරීමේ තාක්ෂණය හඳුන්වා දී ඇති අතර 30fps සිට 60fps දක්වා කැපී පෙනෙන සුපැහැදිලි ඉදිරිපස හා පිටුපස රූප හා වීඩියෝ සඳහා Galaxy හි ප‍්‍රථම Super HDR සෙල්ෆි කැමරාව මීට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung ශ‍්‍රී ලංකා හි නිෂ්පාදන කළමනාකරණ ප‍්‍රධාන කළමනාකාර තුෂාර රත්නවීර මහතා ‘‘අති නවීන නිමාවකින් යුත් Galaxy S23 නිෂ්පාදන මාලාවේ ඉහළ කාර්ය සාධනය සහ තිරසාර බව යන සාධකයන් තුළින් ප‍්‍රදර්ශනය කරනු ලබන්නේ නවෝත්පාදනය ඉහළ සුවපහසු අත්දැකීමක් පරිශීලකයා වෙත ලබා දෙන බවයි. මෙතෙක් අලංකාර ආකාරයෙන් ආකර්ෂණීය ඡායාරූප ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් වැඩි දියුණු කරන ලද Galaxy S23 Ultra මාදිලි පෙළෙහි ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් එය පහසු කටයුත්තක් බවට පත්ව තිබෙනවා. එහි ඇති Nightography තාක්ෂණය හේතුවෙන් අඳුරු පරිසර තත්වයකදී පවා ඡායාරූප ගැනීමටත්, ආකර්ෂණීය සෙල්ෆි හා අවම ශබ්දයක් සහිතව සිනමා වීඩියෝ පට රූගත කිරීමටත් හැකියාව උදා වනවා’’ යනුවෙන් පවසා සිටියේය.

Views: 78