ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම DPL Universal Gloves Limited සමාගම වෙත රුපියල් බිලියන 1.5ක් යොදවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන DPL Universal Gloves Limited (DUGL) සමාගම වෙත රුපියල් බිලියන 1.5ක (1,500,000,000ක) මුදල් යෙදවීමක් සිදු කළ බව පවසයි.

මෙම DPL Universal Gloves Limited (DUGL) සමාගමෙහි කර්මාන්තශාලාවේ නවීනකරණ කටයුතු සහ යන්ත්‍රෝපකරණ වෙනුවෙන් මෙන්ම එම සමාගමෙහි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම වෙනුවෙන් මෙම මුදල් යෙදවීම සිදුකළ බව සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙය සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවක් ලෙස හැඳින්වෙන බවත් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙය DPL Universal Gloves Limited (DUGL) සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් මිලියන 150ක් (150,000,000ක්) එක් කොටසක් රුපියල් 10ක් බැගින් මිලදී ගැනීමේ අවස්ථාවකට සමාන බවත් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සබැඳිපාර්ශ්ව අතර ගනුදෙනුව සාමාන්‍ය වාණිජ නියමයන් අනුව සිදු වූ බවත්, මෙහිදී සිය සමාගමෙහි සුළු කොටස්හිමිකරුවන් වෙත කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම පවසයි. මෙම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම හේලීස් පීඑල්සී සමූහයට අයත් සමාගමකි.

Views: 135