ස්ටෙෂනි ජයවර්ධන මෙල්ස්ටාකොර්ප් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයට

මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ස්ටෙෂනි තෙරේසා ජයවර්ධන පත් කෙරී ඇතැයි එම සමාගම පවසයි.

සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුව තිබේ. ඒ අනුව ඇය සමාගමෙහි විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත් කෙරී තිබේ.

මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට ස්ටෙෂනි ජයවර්ධන සතුව එම සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 38,600ක හිමිකාරීත්වයක් පවතින බවත් සඳහන් වෙයි.

ඇය මීට පෙර එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමෙහි හෝටල්, ගමනාන්ත කළමනාකරණය සහ විදේශීය සංචාර යන අංශයෙහි ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ. එම සමාගම තුළ ඇගේ සේවා කාලය වසර 10ක් ඉක්මවන බවත් සඳහන් වෙයි.

ඒ අනුව මේ යටතේ ඇය එයිට්කන් ස්පෙන්ස් හොටේල් මැනේජ්මන්ට් (පෞද්) සමාගමේ සභාපතිවරිය ලෙස කටයුතු කළ අතර, ඇය එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී, ස්ටෙසන් ගෘප්, ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී, එයිට්කන් ස්පෙන්ස් ඒවියේෂන් (පෞද්) සමාගම යන සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කළාය.

ස්ටෙෂනි ජයවර්ධන මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමේ සභාපති හැරී ජයවර්ධන මහතාගේ දියණියකි.

ඡායාරූපය – Echelon සඟරාව

Views: 281