සුවිශේෂී වට්ටම් සමඟින් සැම්සුන් Galaxy Z Flip4 සහ Z Fold4 දැන් ශ්‍රී ලංකාවේ

සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගම විසින් පසුගියදා එළිදැක් වූ නව පරම්පරාවේ Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 foldable ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීම ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට ද අත්විඳීමේ අවස්ථාව පසුගියදා උදා විය.

විශේෂයෙන් පරිශීලකයාට ගැලපෙන අයුරින් සකස් කරගත හැකි විශේෂාංග, ඔවුන්ටම ගැලපෙන අත්දැකීම් හා වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවකින් යුත් මෙම සිව්වන පරම්පරාවේ foldable Z නිෂ්පාදන පෙළ ඔබේ එදිනෙදා ජීවිතය නව්‍යකරණයට ලක් කරමින්, වඩා බලපෑම් සහගත අන්තර් ක‍්‍රියාවන් තුළින් ඉදිරියට යනු ඇත්තේ මෙතෙක් අත්විඳි smartphones අත්දැකීම් නව මානයන් වෙත ගෙන යමිනි.

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්හි Mobile eXperience ව්‍යාපාරයේ සභාපති හා ප‍්‍රධානී ආචාර්ය ටී. එම්. රෝහ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ‘‘අපගේ විවෘතභාවයේ දර්ශනයේ පදනම මත ගොඩනැගී ඇති සැම්සුන් Galaxy foldable උපාංග බාහිර මෙන්ම අභ්‍යන්තර වශයෙන්ද පරිශීලකයන්ට ගැලපෙන අයුරින් සකස් කර ඇති අතර ඒ තුළින් නව හැකියාවන් ද ඔබ වෙත ගෙන එනවා. ලෝක මට්ටමේ අපගේ හවුල්කරුවන් සමඟ එක්ව නිර්මාණය කරන ලද foldable උපාංග අපගේ සුවිශේෂී පරිශීලක අවශ්‍යතා සපුරාලන අසමසම ජංගම දුරකතන අත්දැකීමක් ලබා දෙනු ඇති බව අපගේ විශ්වාසයයි. අපගේ නිරන්තර අවධානය හා කර්මාන්තය තුළ අපගේ නායකත්වය තුළින් අඛණ්ඩව foldable නිෂ්පාදන සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම කාණ්ඩය තුළ රැඩිකල් ව්‍යාපෘතියක සිට ලොව පුරා මිලියන ගණනක ජනතාවක් භාවිත කරන ප‍්‍රමුඛ පෙලේ උපාංග පෙලක් දක්වා සාර්ථකව පරිවර්තනය කිරීමට අපි කටයුතු කරනවා.’’ යනුවෙනි.

දැන් ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින් හටද මෙම devices මිලදී ගැනීමේ අවස්ථාව උදා වී ඇත්තේ Galaxy Z Flip4 හෝ Galaxy Z Fold4 foldable මිලදී ගන්නා විට නොමිලේ ඩයලොග් 200 GB හෝ මොබිටෙල් 300 GB, මාස 6ක් සඳහා OneDrive 100 GB හිමිකර දෙමිනි. තවද මාස 3ක් සඳහා නොමිලේ Spotify Premium සම්බන්ධතාවය ලබා ගැනීමටද ඔවුන්ට අවස්ථාව උදා වේ.

ඉහළ නිර්මාණශීලීත්වයක් වෙනුවෙන් වන සැම්සුන්හි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස සෑම පාරිභෝගිකයකු වෙනුවෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන නිෂ්පාදනයක් ඇති බව සහතික කිරීම සඳහා පරිපූර්ණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් මෙම දෙකා්ඉකැ නිෂ්පාදන දෙකෙහිම සෑම කොටසක්ම මනාව විශ්ලේෂණය කර තිබීමද විශේෂත්වයකි.

විශේෂයෙන් මනා නිමාවකින් යුතුව සැම්සුන් Galaxy Z Flip4 නිර්මාණය කර ඇති අතර එහි සංකීර්ණ සැලසුම ඒ අකාරයෙන්ම පවත්වාගෙන ගොස් ඇත්තේ වැඩි දියුණු කළ කැමරා අත්දැකීමක්, විශාල බැටරියක් හා පරිශීලකයාට සරිලන පරිදි සකසා ගත හැකි විශේෂාංග විශාල ප‍්‍රමාණයක්ද එක් කරමිනි. අද වන විට දක්නට ඇති සැම්සුන් සතු වඩාත් උසස් තත්වයේ smartphones අත්දැකීමක් ලබා දෙන Galaxy Z Fold4 නිමාව වෙනස් කිරීමේ සැලසුම, ආකර්ෂණීය තිරය හා PC වැනි විශේෂාග රැසක් ලබා දීමට සමත්ව ඇත්තේ උසස් කැමරා තාක්ෂණය හා ප‍්‍රබල මොබයිල් ප්‍රොසෙසරයන්වලට අමතරව නව හැකියාවන්ද පරිශීලකයින් වෙත විවෘත කරමිනි.

Views: 77