Noyon Lanka නිමවූ ‘Planetones’ 100% ස්වභාවික වර්ණකයට Control Union හි සහතිකය

සිය වටිනාකම් දාමය තුළ වගකීම් සහගත ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට කැපවන Noyon Lanka (Pvt) Ltd (Noyon) විසින් කෘත‍්‍රිම ලේස් සඳහා 100% ස්වභාවික වර්ණකයක් Planetones නමින් හඳුන්වා දී තිබේ. එම වෙළෙඳ නාමය නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී සිදුවිය.

එසේම මෙම Planetones වර්ණකය සඳහා Control Union හි Eco Dye Standard සම්මානයද හිමිව ඇති අතර, Control Union ආයතනය මගින් එතෙක් මෙතෙක් කාලය තුළ ස්භාවික වර්ණකයක් සහතික කළ පළමු අවස්ථාවද මෙය වෙයි. ඒ අනුව එම සම්මානය හිමිකරගත් පළමු සමාගම වන්නේද Noyon Lanka (පෞද්) සමාගමයි.

Noyon Lanka යනු MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන අතර එය 2004 වසරේදී පිහිටුවන ලදී. Noyon හි මෙම Planetones ස්වභාවික වර්ණකය දැනටමත් ප්‍රංශයේ සහ ඉතාලියේ සුප්‍රසිද්ධ විලාසිතා සන්නාම දෙකක් සඳහා ලබාදීමද සිදු කර ඇතැයි මෙහිදී අනාවරණය කෙරිණි.

මෙහිදී විශේෂයෙන්ම Planetones හරහා වර්ණක වල බහුලව දක්නට ලැබෙන උදාසීන වර්ණයන්ගෙන් ඔබ්බට විහිදෙන වර්ණ 32 ක පුළුල් වර්ණ මාලාවක් ඉදිරිපත් කරන අතර Cranberry සහ achiote වැනි ස්වභාවික වර්ණ ප‍්‍රභවයන් භාවිතා කරමින් මෙම වර්ණකය නිෂ්පාදනය කෙරී තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම Eco Dye Standard සහතිකයට අමතරව, වර්ණකය අන්තරායකර රසායන ද්‍රව්‍ය (ZDHC) නිෂ්පාදන සීමා කරන ලද ද්‍රව්‍ය ලැයිස්තුවෙහි (MRSL) ඉහළම මට්ටමට අදාළ ප‍්‍රමිතීන්ට ද අනුකූල වේ.

මෙම විසඳුම පිළිබඳව අදහස් දක්වමින් Noyon හි ප‍්‍රධාන විධායක නිලධාරී Ashiq Lafir මහතා, ”අපගේ උසස් පර්යේෂණ, සංවර්ධන සහ තාක්ෂණික හැකියාවන් උපයෝගී කරගනිමින් Noyon විසින් නව්‍ය සහ තිරසාර විසඳුම් කිහිපයක් නිර්මාණය කර තිබෙනවා. අපගේ පාරිභෝගිකයින්ගේ සියලූම ප‍්‍රධාන කාර්ය සාධනය සහ ප‍්‍රමිතීන් සපුරාලන අතරම අපගේ නිෂ්පාදනවල සෘණාත්මක පාරිසරික බලපෑම් අවම කිරීමට හැකියාව තිබෙනවා. මෙම නවතම නිෂ්පාදනය මෙම ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. එය තිරසාර ඇඟලූම් නිෂ්පාදන ගමනාන්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය ඉහළ නංවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. නුදුරු අනාගතයේ දී ස්භාවික වර්ණකය භාවිතයෙන් පමණක් වර්ණ ගැන්වූ ඇඳුමක් නිෂ්පාදනය කිරීමට අපගේ උත්සාහය යොමු වී තිබෙනවා.” යනුවෙන් පවසා සිටියේය.

වර්තමානයේදී ජලය අපවිත‍්‍රවීම සඳහා 20% ක පමණ දායකත්වයක් ලබාදෙන්නේ රෙදි සායම් කිරීමේ සහ පිරිපහදු කිරීමේ කි‍්‍රයාවලිය බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ^UNEP& සහ Ellen MacArthur පදනම ඇස්තමේන්තු කර ඇත. එසේම එම ක්‍රියාවලිය සඳහා අධික ජල ප්‍රමාණයක්ද වැය වෙයි.

ඒ අනුව කෘතිම වර්ණක වර්ගයක් සමඟ සසඳන විට, Planetones  හිස්වභාවික වර්ණ ගැනීමේ ක‍්‍රියාවලියේදී රෙදි සේදීම අඩු කිරීම හරහා ඇස්තමේන්තුගත ජලය සහ බලශක්ති පිළිවෙලින් 30% සහ 15% ක ඉතිරියක් සපයයි. එසේම ස්වාභාවික සංඝටක ජෛව හායනයට ලක් වීම තුළින් ජලයට රසායනික ද්‍රව්‍ය එකතු වීම අවම කරයි.

මේ අතර Planetones ස්වභාවික වර්ණකය 85% සිට 95% දක්වා වර්ණ ගැළපීමක් සහිතව තීරණාත්මක කාර්ය සාධනය සහ ප‍්‍රමිතීන් පවත්වා ගනිමින් තිරසාරත්වය සහතික කිරීම වෙනුවෙන් ඇගයීම් රැසකට පාත‍්‍ර වී ඇතැයි Noyon Lanka හි වෙළෙඳ සහ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී සුනේෂ් රොඩ්‍රිගෝ මහතා මෙහිදී අනාවරණය කළේය.

එසේම ‘Planetones’ සහ එහි බුද්ධිමය දේපළ (IP) ශ‍්‍රී ලංකාවේ අනෙකුත් සැපයුම් දාම හවුල්කරුවන් වෙත ද බෙදාහරින අතර සහතික කළ ස්වභාවිකව වර්ණ ගන්වන ලද ඉලාස්ටික්, රෙදි සහ අනෙකුත් උපාංග නිමැවීමට ඔවුන්ට මේ මගින් හැකි යාව ලැබෙන බවත් ඔහු පවසා සිටියේය.

මෙලෙස ‘Planetones’  නමින් ස්වාභාවික වර්ණකය නිෂ්පාදනය කිරීම තිරසාරත්වය සඳහා Noyon හි සමස්ත කැපවීමේ කොටසක් බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 100