2022/23 පළමු කාර්තුවේදී එක්ස්පෝලංකා වෙත බදු පසු ලාභයේ 220%ක වර්ධනයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලැයිස්තු ගත ආයතනයක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම, 2022 ජූනි 30 වැනිදායින් අවසන් වන කාර්තුව සඳහා සිය මූල්‍ය කටයුතු පිළිබඳ නිවේදනය කරමින්, පසුගිය වසර කිහිපයක කාලය පුරා සිය වර්ධන වේගය පවත්වා ගනිමින් ඉහළ ප්‍රතිඵල ලබා ගත් බව පවසා සිටියි.

ඒ අනුව ශක්තිමත් උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සහ මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට පිරිවැටුම රු. බිලියන 235.1 (YoY +146%), දළ ලාභය රු. බිලියන 36.9 (YoY +156%) සහ කාර්තුව සඳහා බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 20.1 (YoY +220%) වාර්තා කිරීමට හැකි විය.

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී, හනීෆ් යූසුෆ් මහතා සමඟ සාකච්ඡා කිරීමේ දී, ඔහු මෙසේ පැවසීය: “අපගේ වත්කම් හා සබැඳි ASSET LITE ව්‍යාපාර ආකෘතිය, ජාත්‍යන්තර ජාලය, ශේෂ පත්‍ර ශක්තිය, ව්‍යාපාර සඳහා වන ඒකාබද්ධ ප්‍රවේශය සහ ශක්තිමත් නායකත්ව කණ්ඩායම වැනි හේතූන් නිසා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, අපගේ පාර්ශ්වකරුවන්හට සුවිශේෂී වටිනාකම් සහිත ව්‍යාපාර සහකරුවෙකු බවට පත්වී ඇත.”

අද වනවිට රටවල් 34ක සහ නගර 70කට අධික සංඛ්‍යාවක ගෝලීය ව්‍යාප්තියක් ඇති, ලොජිස්ටික්, සංචාරක සහ ආයෝජන කෙරෙහි ලැදියාවක් දක්වන සමාගමක් ලෙස එක්ස්පෝලංකා හඳුනාගෙන තිබේ.

එක්ස්පෝලංකා සමූහය විසින් අනුගමනය කරන ලද වැඩිදියුණු කළ මෙහෙයුම් බලය සහ කාර්යක්ෂම වත්කම් උපයෝගිතා උපාය මාර්ග පිළිබිඹු කරමින්, මාස දොළහක (TTM – Trailing Twelve Month) පදනම මත 96.16% ක කොටස් මත ප්‍රතිලාභ (ROE- Return on Equity) ප්‍රමාණයක් ලබා දෙමින් ශක්තිමත් ප්‍රතිලාභ උපයා ගැනීමට සමූහය, අඛණ්ඩව සමත් විය.

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් රු. බිලියන 6.9ක විනිමය වාසියක් අත් වූ අතර සමාගමේ ශුද්ධ වත්කම් අගය, කාර්තුව සඳහා  රු. බිලියන 25 කින් එමගින් වැඩි කරවන ලදි. මෙය පසුගිය වසර කිහිපය තුළ ගොඩනගා ඇති සමූහයේ ව්‍යාපාරික පැතිකඩ සහ එහි ශේෂ පත්‍රය පිළිබඳ තවත් සාක්ෂියකි.

ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන් සහ සාම්ප්‍රදායික කාර්ය බහුල නොවන කාල සීමාවන් වලදී අවම ඉල්ලුම් රටා තිබියදීත්, ලොජිස්ටික් අංශයට සිය මෙහෙයුම්වල හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට හැකි වූයේ සමාලෝචනයට ලක් කළ කාර්තුව තුළ ක්‍ෂේත්‍රයට ස්ථාවර වර්ධනයක් ලබා දීමට හැකි වන පරිදි උපාය මාර්ග කේන්ද්‍රගතව ක්‍රියාත්මක කිරීමත් සමඟ වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රු. බිලියන 233.0 (YoY+146%), දළ ලාභය රු. බිලියන 36.2 (YoY +154% YoY) සහ බදු ගෙවීමෙන් පසු ලාභය  රු. බිලියන 18.8 (YoY +183%) වන ලෙසයි.

තවද, යූසුෆ් මහතා ප්‍රකාශ කළේ: “අපගේ ව්‍යාපාරය සඳහා බහු-ආකාර ප්‍රවේශය ස්ථානගත වී ඇත්තේ පාරිභෝගික අවශ්‍යතා වටා සැකසුණු ප්‍රවේශය හරහා වැඩි අවස්ථා ඇති කිරීම, හොඳ ප්‍රසම්පාදන පිළිවෙත් තුළින් ධාරිතාව ගොඩනැගීම සහ කාර්යක්ෂම මෙහෙයුම් වල විශිෂ්ටත්වය තුළින් ව්‍යාපාරයට සහාය වීම වශයෙනි.” පාරිභෝගික ව්‍යාප්ති ක්‍රම උපායන් ගැන හොඳින් සිතා බලා ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සමාගම, ප්‍රමුඛ පෙළේ සන්නාම කිහිපයකටම සේවා සපයන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවනින් භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවය, කාර්තුව තුළ අඩු වූ අතර එය, එහි ප්‍රධාන වෙළඳපොලවල් හරහා දක්නට ලැබුණු අඩු ඉල්ලුමේ ප්‍රතිඵලයකි. සමාලෝචනයට ලක් කෙරුණු කාර්තුව තුළ සාගර භාණ්ඩ  ප්‍රවාහනය අඛණ්ඩව සතුටුදායක වර්ධනයක් ලබා දුන්නේය. මේ වර්ධනය සිදු වූයේ මෙම අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ ප්‍රතිඵලයකි.

පුළුල් හවුල්කාර ජාලය, පාරිභෝගික විනිවිදභාවය, වැඩි දියුණු කළ නිපුණතා, සාගර භාණ්ඩ ප්‍රවාහනයේ ශක්තිමත් ඉදිරි ගමන පවත්වා ගැනීමට උපකාරී විය.

ප්‍රධාන වශයෙන් එහි ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරන අතරම, EFL හට තම දේශීය සැපයුම් සේවාවන් හරහා විශේෂයෙන්ම උතුරු ඇමෙරිකානු වෙළෙඳපොළේ ප්‍රධාන ස්ථානවල සිය හැකියාවන් වැඩිදියුණු කර ගැනීමට හැකි වී තිබේ.

සමූහය විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රසම්පාදන ක්‍රමෝපාය මඟින් ධාරිතාව ස්ථාවර කර ඇත. පවතින සබඳතා ශක්තිමත් කරමින් සහ නව වාහක සබඳතා ගොඩනගා ගැනීම ප්‍රසම්පාදන කාර්යය සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇත.

අවසාන වශයෙන් යූසුෆ් මහතා මෙසේ ප්‍රකාශ කළේය: “සමාලෝචනයට ලක්වන කාල සීමාව තුළ ගෝලීය වෙළඳපල තත්ත්වයන් අස්ථාවර විය. ගෝලීය බලශක්ති අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස තෙල් මිල කෙරෙහි වැඩි පීඩනයක් ඇති වූ අතර, උද්ධමන බලපෑම්වල ප්‍රතිඵලයක් නිසා, අපගේ උතුරු ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ පාරිභෝගික ඉල්ලුම අඩු විය. චීනයේ දීර්ඝ කරන ලද වසා දැමීම් (ලොක් ඩවුන්) තත්ත්වයන් හේතුවෙන් සැපයුම අඩු වූ අතර සැපයුම් දාම පීඩනය තවදුරටත් වැඩි විය. තවමත් ඉහළ මට්ටමක පැවතියද, ධාරිතාව නැවත වෙළඳපොළට පැමිණීමත් සමඟ ගුවන් සහ සාගර භාණ්ඩ ප්‍රවාහනය යන දෙකෙහිම භාණ්ඩ ප්‍රවාහන ගාස්තු නිවැරදි කිරීම දක්නට ලැබිණ.”

දේශීය වෙළෙඳපොළ තුළ ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද සංචාරක අංශය කාර්තුව සඳහා ශක්තිමත් කාර්ය සාධනයක් ලබා දුන්නේය. ව්‍යාපාරය විසින් සිය සේවාවන් ප්‍රතිසංවිධානය කිරීමටත්, වැඩි පුළුල්භාවයක් නොමැති සහ කාර්යක්ෂම මෙහෙයුම් ආකෘතියක් අනුගමනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සේවා ඒජන්ත සන්නාමය ලෙස සිය හැකියාවන් වර්ධනය කිරීමටත් දරන උත්සාහයන් ප්‍රතිඵල වලින් පිළිබිඹු වේ. මෙම අංශය,  රුපියල් මිලියන 727 (YoY + 379%)ක ආදායමක් ලබා දුන් අතර බදු ගෙවීමෙන් පසු ලාභය රු.මිලියන 233 (YoY +736%) විය. මෙය, මෙතෙක් මෙම අංශයේ හොඳම  ප්‍රතිඵලය වන අතර, එය ආයතනික සංචාරක සේවා ප්‍රතිඵල මෙහෙයවයි.

අපනයන මෙහෙයුම්වල ප්‍රධාන දායකත්වය සමඟ, ආයෝජන අංශය රු.බිලියන 1.4 (YoY +100%) ආදායමක් සහ බදු ගෙවීමෙන් පසු ලාභය රු.17.3 (YoY +608%) ක් වාර්තා කිරීමත් සමඟ ස්ථිරව පැවතිණ. අංශයේ ලාභයට කණ්ඩායම් ලාභාංශ රු.බිලියන 16.0 ක් ඇතුළත් වේ. අඩු අස්ථාවරත්වයක් සහිත ඉහළ ගුණාත්මක බවකින් යුතු නිෂ්පාදන කරා ගමන් කිරීමේ උපාය මාර්ගය, අංශයේ වර්ධනයට හේතු වේ. තොරතුරු තාක්‍ෂණ සේවා ව්‍යාපාරයද සමූහයේ සමස්ත කාර්ය සාධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙමින් ඉදිරියට ගමන් කරමින් තිබේ.

එක්ස්පෝලංකා සමූහය, පාරිසරික, සමාජීය සහ පාලන (ESG – Environmental, Social, and Governance) මුලපිරීම් කෙරෙහි අඛණ්ඩව අවධානය යොමුකර ඇති අතර සිය සමස්ත උපාය මාර්ගික අරමුණු හා සබැඳි ක්‍රියාකාරකම්ද අනුගමනය කර ඇත.

අවිනිශ්චිත වෙළඳපල තත්ත්වයන් මත, විශේෂයෙන්ම පාරිභෝගික ඉල්ලුම් රටා වෙනස් වීම, වේගවත් සැපයුම් දාමයන් සහ ඩිජිටල්කරණය සමඟ සාර්ව පරිසරය සකස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමාගමක් ලෙස, එක්ස්පෝලංකා සමූහය මෙම අභියෝගවලට මුහුණ දීමට කැපවී සිටින අතරම, එහි සියලුම පාර්ශ්වකරුවන් සඳහා වටිනාකමක් ඇති කිරීමේ මූලික අරමුණින් ඉදිරියට ගමන් කරයි.

Views: 200