දිනේෂ් වීරක්කොඩි කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ධුරයට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු මෙන්ම වෘත්තිකයෙකු වන දිනේෂ් වීරක්කොඩි මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ධුරයට පත් කර ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම නව පත් කිරිම සිදු කර තිබේ. ඒ මහතා මේ වනවිට ජනාධිපතිවරයාගේ භාණ්ඩාගාර කටයුතුතු පිළිබඳව උපදේහකවරයා ලෙසද කටයුතු කරයි.

දිනේෂ් වීරක්කොඩි මහතා මීට පෙර හැටන් නැෂනල් බැංකුව සහ කොමර්ෂල් බැංකුව යන මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල සභාපතිධුර දැරීය. එසේම ඒ මහතා ශ්‍රී ලංකා වාණිජ ජාත්‍යන්තර මණ්ඩලයේ ආසන්නතම සභාපතිවරයාද විය. මීට අමතරව ඒ මහතා ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ උප සභාපතිවරයා මෙන්ම සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල ධුර හොබවා තිබේ.

මේ අතර දිනේෂ් වීරක්කොඩි මහතා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ හිටපු සභාපතිවරයා මෙන්ම ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලයේ හිටපු සභාපතිවරයාද වෙයි. එසේම ඔහු 2001-2004 කාලසීමාවේ එවකට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයා ලෙසද කටයුතු කළේය. මීට අමතරව ඔහු ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ සහ සංචාරක සංවර්ධන අමාත්‍යාංශයේද උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

Views: 118