ශ්‍රී ලංකාවට Sukuk ඉස්ලාමීය මූල්‍ය නිෂ්පාදන හඳුන්වාදීම පිළිබඳ දැනුවත් කිරීමක් හෙට (19දා)

අල්මාස් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ එහි සාමාජික ඇසෙට්ලයින් සෙකියුරිටීස් සමාගම එක්ව මෙරට ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත ඉස්ලාමීය මූල්‍ය ක්‍රමවේද ඇතුළත් Sukuk නිෂ්පාදන හඳුන්වාදීම සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ සාකච්ඡාමය වැඩසටහනක් පැවැත්විමට කටයුතු යොදා ඇතැයි පවසයි.

හෙට (19දා) පස්වරු 5.30ට Microsoft Meeting ඔස්සේ වන අන්තර්ජාල වෙබිනාර් සාකච්ඡාවක් ලෙස මෙය සංවිධානය වී තිබේ. https://tinyurl.com/yepry98d යන වෙබ් ලිපිනය ඔස්සේ ඊට ලියාපදිංචි විය හැකිය.

මෙම Sukuk නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අදාළව මහජන දැනුවත් කිරීමක් සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවත් දැනටමත් යෝජනා ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම සාකච්ඡාව සංවිධානය කරන බව අල්මාස් සමූහය පවසයි.

මෙහිදී එම සාකච්ඡාමය වැඩසටහනෙහි ආරම්භක දේශනය අල්මාස් සමූහයේ සභාපති ඉම්තියාස් බුහර්දීන් විසින් සිදු කිරිමට නියමිතව ඇත..

එසේම මෙම සාකච්ඡාවට සම්බන්ධ වන අනෙකුත් සම්පත්දායකයන් වන්නේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු මෙහෙයුම්, වෙළෙඳ පොළ සුපරීක්ෂණය සහ සාංගමික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ට උප සභාපතිනී නිලුපා පෙරේරා, මැලේසියාවේ සුරැකුම්පත් කොමිසමේ හිටපු උපදේශක සහ ඉස්ලාමීය ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ උපදේශක වාන් අබ්දුල් රහීම් කාමිල්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ (සමූහ මූල්‍ය) මුෂ්ටාක් අහමඩ් යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකාවේ KPMG ආයතනයේ බදු සහ නියාමන ප්‍රධානී සුරේෂ් ආර්.අයි පෙරේරා, අමානා බැංකුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, අල්මාස් සමූහයේ ෂරීයා උපදේශනය පිළිබඳ උප සභාපති ෂෙයික් මුයිස් බුකාරි සහ අල්මාස් හෝල්ඩිංග්ස්හි අධ්‍යක්ෂ ආචාරිය හර්ෂන සූරියප්පෙරුම යන මහත්වරුන්ය.

Views: 139