අලියාන්ස් දිවිතරණ : ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණයට නවතම ප්‍රවේශයක්

ලොව අංක එකේ රක්ෂණ සන්නාමය වූ අලියාන්ස් විසින් ආකර්ෂණීය සහ පහසු මිලක් සහිතව ඔප්පු හිමියන් වෙත වඩා පුළුල් හා පරිපූර්ණ ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් පිරිනමමින් අලියාන්ස් දිවිතරණ ජීවිත රක්ෂණාවරණය හඳුන්වාදීම සිදු කර තිබේ.

විශේෂයෙන්ම අවම රක්ෂණ වාරිකයන් පිළිබඳව සැලකිලිමත් වන දිවයිනේ බහුතර ජනතාව ඉලක්ක කරගෙන මෙම සුවිශේෂී  රක්ෂණාවරණය හඳුන්වා දීම සිදු කර ඇත. රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප්‍රතිලාභ රැසක් සලසමින්  ඔවුන්ගේ ජීවිතයන් වෙත මුහුණ දීමට අනපේක්ෂිත විපත් සඳහා වන රැකවරණය උදෙසා වන පරිපූර්ණ රක්ෂණ විසඳුමක් ලෙස මෙම රක්ෂණාවරණය හඳුන්වා දිය හැකිය.

ගොවීන්, ධීවරයන්, කාර්මික ශිල්පීන්, ගුරුවරුන් සහ විධායක නිලධාරීන් ඇතුළුව සමාජයේ කාණ්ඩ රාශියක් ආවරණය පරිදි “දිවිතරණ“ රක්ෂණාවරණය සැලසුම් කර තිබේ. මාසිකව, ත්‍රෛමාසිකව, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂික වශයෙන් මෙහි වාරික සැලසුම් කර ගත හැකි අතර, එමෙන්ම නව රක්ෂණයක් මිලදී ගැනීම වෙනුවට රක්ෂණ කාලසීමාව තුළ ඔප්පුවේ රක්ෂිත අගය වැඩි කර ගැනීමටද හැකියාව ඇත. ආදායම සහ ජීවන රටාව කුමක් වුවද සැමට විශ්වාසනීය ආවරණයක් ලබාදෙන මෙවැනි රක්ෂණ විසඳුම්, විශේෂයෙන්ම සියලුම ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග හමුවේ මෙය ජනතාවට අතිශයින් වැදගත් වනු නොඅනුමානය.

අනෙකුත් රක්ෂණ විසඳුම් වලට සාපේක්ෂව දිවිතරණ රක්ෂණාවරණයේ ඇති සුවිශේෂී සාධකය වන්නේ, සෑම රක්ෂණ ඔප්පු හිමියෙකු උදෙසාම වෙන් වෙන්ව ආයෝජන ගිණුම් පවත්වාගෙන යාමයි. මෙම ගිණුම් සඳහා ආයතනය විසින්  වාර්ෂිකව ලාභාංශ ප්‍රකාශයට පත් කෙරෙන අතර එම ලාභාංශ රක්ෂණ හිමියාගේ ආයෝජන ගිණුමට බැර වේ. මීට අමතරව, රක්ෂණ හිමියා නිසි පරිදි වාරික ගෙවා රක්ෂණය පවත්වාගෙන ගොස් ඇත්නම්, කල් පිරීමේදී 20% ක අමතර “ලැදියා ප්‍රතිලාභ“ දීමනාවක්ද අදාළ ගිණුමට එක් කරනු ලබයි. ජීවිත ආවරණයට අමතරව රක්ෂණ හිමියන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය මත හදිසි අනතුරු, අසාධ්‍ය රෝග සහ රෝහල්ගත වීම් ආදී අතිරේක ආවරණයන් රක්ෂණාවරණයට එක් කර ගත හැකි අතර, තම කලත්‍රයා සහ දරුවන්ද ආවරණයට ඇතුළත් කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

අලියාන්ස් දිවිතරණ රක්ෂණාවරණය පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා පවසා සිටියේ “ගනුදෙනුකරුවන්ට තම ජීවිතයේ වැදගත්ම දේවල් වලට රැකවරණය සලසමින්, සිහින හඹා යාමට අවශ්‍ය ආත්ම ශක්තිය ලබාදීමට අලියාන්ස් සමාගම කැපවී සිටින බව සහ අලියාන්ස් දිවිතරණ රක්ෂණාවරණය යනු එම කැපවීමේ තවත් ප්‍රතිඵලයක් බවත්ය. එමෙන්ම ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ලබාගත හැකි, පරිපූර්ණ හා සහනදායී රක්ෂණ විසඳුමක් ලබා දීම අපගේ මූලික අරමුණ වී තිබුනා. පාරිභෝගික භවතුන්ගේ අවශ්‍යතා පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙන නිසා, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළිකාරී විසඳුමක් ලෙස දිවිතරණ රක්ෂණාවරණය හඳුන්වා දීමට අපට හැකි වූවා. අතිශය නම්‍යශීලී රක්ෂණ විසඳුමක් වන මෙය, ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් පැවති ආදායමට ගැලපෙන වඩා සුදුසු ජීවිත රක්ෂණයක්  සඳහා වන අවශ්‍යතාව සපුරාලීමට සමත් වනු ඇතැයි කියා අප සිතනවා. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ අප සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වන බව යනුවෙනි.  

Views: 54