බංග්ලාදේශ අපනයන සැකසුම් කලාප අධිකාරියේ විධායක සභාපති පෝර්ට් සිටියේ සංචාරයක
බංග්ලාදේශයේ අපනයන සැකසුම් කලාප අධිකාරියේ විධායක සභාපති මේජර් ජනරාල් අබ්දුල් කලාම් මොහොමඩ් සිආයුර් රහ්මාන් මහතා ඇතුළු කණ්ඩායමක් අද දිනයේදී කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ බව වාර්තා වෙයි.
විධායක සභාපතිවරයා ඇතුළු මෙම කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවේ සිදු කරන කෙටි සංචාරයක අවස්ථාවක් ලෙස මෙලෙස කොළඹ වරාය නගරය වෙත පැමිණ තිබේ.
කොළඹ වරාය නගරයේ අලෙවි සහ කළමනාකරණ අධ්‍යක්ෂිකා යමුනා ජයරත්න මහත්මිය පැමිණි පිරිසට කොළඹ වරාය නගරය ගැන විස්තර ඉදිරිපත් කිරීම සිදු කර ඇත.
මෙහිදී එම පිරිස කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ඒ හරහා බංග්ලාදේශ ආයෝජකයන් වෙත ලබා දෙන ප්‍රතිලාභ සම්බන්දයෙන් දැනුවත් වූ බවත් කොළඹ වරාය නගරය සඳහන් කරයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2022/05/283149307_2843841505924355_7046350424336822182_n-1024x590.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2022/05/283130957_2843841749257664_2439708586594483614_n-1024x576.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2022/05/283078747_2843841672591005_3203471957507204991_n-1024x576.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2022/05/282995592_2843841805924325_4859386519850045904_n-1024x576.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 81