ZTE Blade මෙරට වෙළෙඳ පොලට හඳුන්වා දෙයි

ZTE සමාගම මෑතකදී ZTE Blade නමින් සිය දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දුන් බව පවසයි. ZTE යනු දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවට සන්නිවේදන උපාංග සපයන, ලොව දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තම සමාගම් අතරින් එකකි.

ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත, සහනදායී මිලගණන් යටතේ මිලදී ගත හැකි මෙම දුරකථන ශ්‍රී ලාංකිකයන්ට ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබාදෙයි. ජනප්‍රිය සන්නාම වලින් එන ස්මාර්ට් දුරකථන බොහොමයක් මිලෙන් අධික වී ඇති පසුබිමක් හමුවේ, එම දුරකථන වල ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් වඩාත් සහනදායී මිලකට ලබාදීම ZTE ස්මාර්ට් දුරකථන වල විශේෂත්වයයි.

අලංකාරය, ප්‍රායෝගිකත්වය සහ ඉහළ ක්‍රියාකාරීත්වය එක්තැන් වන පරිදි ZTE ස්මාර්ට් දුරකථන සැලසුම් කර ඇති අතර, මධ්‍යම මිල මට්ටමේ ස්මාර්ට් දුරකථන සොයන පාරිභෝගිකයන්ට ZTE A31, A5 2020 සහ A51 දුරකථන මාදිලි බෙහෙවින් ආකර්ෂණීය තේරීමක් වනු නො-අනුමාන ය.

32GB ධාරිතාවක් සහ 2GB RAM සහිත ZTE Blade A31 මාදිලිය ශ්‍රී ලංකාවේ වඩාත්ම සහනදායී මිලකට මිලදීගත හැකි ස්මාර්ට් දුරකථන අතරින් එකකි. රු. 29,999/- කට, අලංකාර නිල් සහ අළු වර්ණ වලින් මෙම දුරකථන මාදිලිය මිලදීගත හැක. අඟල් 5.45, 720p දර්ශන තිරයක්, 8MP පසුපස කැමරාවක් සහ 5MP ඉදිරිපස කැමරාවක් ඊට යොදා තිබේ.

රු. 39,999/- කට මිලදීගත හැකි ZTE Blade A5 2020 මාදිලියට 32GB මතක ධාරිතාවක් සමග 2GB RAM ඇතුළත් ය. කොළ, කළු සහ නිල් වර්ණ වලින් මිලදීගත හැකි මෙම දුරකථන වලට අඟල් 6, 720p තිරයක්ද, 13MP සහ 2MP වශයෙන් පසුපස කැමරා දෙකක් සහ 8MP ඉදිරිපස කැමරාවක්ද යොදා තිබේ. එදිනෙදා සාමාන්‍ය කටයුතු සඳහා තම දුරකථනය භාවිතා කරන අතරම ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට උනන්දුවක් දක්වන කාටත් මෙය ඉතාමත් සුදුසු ය.

32GB මතක ධාරිතාවක් සමග 2GB RAM සහිත ZTE Blade A51 මාදිලිය අඟල් 6.5, 720p දර්ශන තිරයකින් යුක්ත වේ. එමෙන්ම මෙහි පසුපස 13MP සහ 2MP කැමරා දෙකක් සහ ඉදිරිපස 5MP කැමරාවක් යොදා ඇත. රු. 36,999/- ක් වැනි සහනදායී මිලකට ලබාගත හැකි මෙම දුරකථනය, ඉහළ බලයක් සමග වඩාත් විශාල තිරයක් සහිත දුරකථන මාදිලියක් සොයන කාටත් හොඳින් ගැළපේ.

පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ රුචිකත්වයන්ට ගැළපෙන පරිදි, උසස් ප්‍රමිතියෙන් යුක්තව නිෂ්පාදනය කර ඇති  ZTE ස්මාර්ට් දුරකථන දැන් www.singersl.com වෙබ් අඩවිය ඔස්සේ හෝ සිංගර් ප්‍රදර්ශනාගාර සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙතින් මිලදීගත හැකි වේ. ZTE යනු ලොව දුරකථන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රමුඛයෙකි.

1985 දී ආරම්භ වූ එම සමාගම Hong Kong සහ Shenzhen කොටස් වෙළඳපළවල ලැයිස්තුගත වී තිබේ. ZTE සමාගම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කර තවමත් දීර්ඝ කාලයක් ගත වී නොතිබුණද, වසර 20 කට අධික කාලයක් තිස්සේ එම සමාගම මෙරට දුරකථන සමාගම් සඳහා උපකරණ හා උපාංග සපයා තිබේ.

Views: 54