ප්‍රදේශ රැසකටම වැසි, ජලවිදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ හැකියාවක් – PUCSL සභාපති

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ඇතුළුව රටෙහි ප්‍රදේශ රැසකටම මේ වනවිට අධික වර්ෂාවක් ලැබෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී ජල විදුලිබල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

අද පෙරවරුවේදී එම කොමිෂන් සභාවේ නිල වට්ස්ඇප් සමූහය වෙත පණිවුඩයක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.

මේ අතර නව අවුරුද්ද යෙදෙන ලබන අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළදී රට පුරාම කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරනු ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ නිවේදනය කර තිබුණි.

කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවට අනුවද මේ වනවිට ලංකාවේ උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත් වෙත මිලිමිටර් 100කට අධික වර්ෂාවක් ලැබෙමින් පවතී.

අද පෙරවරුවේදී ඩේලිමිරර් වෙබ් අඩවිය සිදුකළ විමසිමකට අදහස් දක්වා ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එන්. සිරිවර්ධන මහතාද, පවතින අධික වර්ෂාව හේතුවෙන් රටෙහි ප්‍රධාන ජලාශවල ජල මට්ටම මේ වනවිට 67෴කින් පමණ ඉහළ ගොස් ඇතැයි සඳහන් කර තිබේ.  

Views: 226