සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් වෙතින් රුපියල් ශත 80ක් බැගින් ලාභාංශ ගෙවිමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් කෝල්ඩ් සිටෝර්ස් පීඑල්සී සමාගම (CCS.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එමසමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 80ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.
මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබාදෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන්ව තිබේ.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 08 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස මාර්තු 21 වැනිදා නම් කෙරී තිබේ.
මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී සමාගම පවසයි.
අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදුවුණූ ඊයේ දිනයේදී සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් කොටසක වටිනාකම රුපියල් 46.60ක් ලෙස සටහන්ව තිබුණි. එය ඊට පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 47.10ට සාපේක්ෂව ශත 50ක එනම් -1.06%ක අඩුවීමකි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 93