ශ්‍රීලංකන් Toastmasters සමාජය Ovation 2021 හි දී සම්මානයට පාත්‍රවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ Toastmasters සමාජය පසුගියදා පැවති Ovation 2021 හිදී අඛණ්ඩව සිව්වන වරටත් කීර්තිමත් ‘‘Golden Club Award’ ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. Golden Club සම්මානය Toastmasters සමාජයකට වර්තමානයේ ලබා ගත හැකි ඉහළම සම්මානයයි.

2020/2021 කාලය තුළ, ශ්‍රීලංකන් Toastmasters සමාජය ගුණාත්මකභාවය සහ සමාජ ක්‍රීඩා බැඳීම යන ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය දැක්වූ අතර, එහි දී ප්‍රශංසනීය ලකුණු 200 න් 185 ක් ලබා ගන්නා ලදී. එය සම්මානය සඳහා සලකා බැලිය යුතු අවම ලකුණු 170 ඉක්මවා යාම විශේෂත්වයකි.

ශ්‍රීලංකන් හි Toastmasters සමාජයේ සභාපති හසාරා මධුෂානි සහ විධායක කමිටුවේ නායකත්වය යටතේ ජනාධිපති කීර්තිමත් සමාජ තත්ත්වය ද අත්කර ගැනීමට සමත් විය. මීට අමතරව, එහි සාමාජික පුබුදු විජේරත්න ‘‘Extra Mile’ සහ ‘Leadership Excellence’ awards ’ සම්මානයෙන් පිදුම් ලැබූ අතර සාමාජික කසුන් ප්‍රනාන්දු ‘‘District Director’s ලෙස පිළිගැනීමට’ ලක් විය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Toastmasters සමාජය 2002 වසරේ දී පිහිටුවීමට කටයුතු කරනු ලැබූ අතර එය ශ්‍රී ලංකාවේ පිහිටුවනු ලැබූ 4 වැනි Toastmasters සමාජය මෙන්ම රටේ දෙවැනි ආයතනික සමාජය ද වේ. එතැන් සිට, Toastmasters සමාජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා කැපී පෙනෙන ජයග්‍රාහකයින්, රාශියක් බිහි කර ඇත.

Views: 62