SLIM People’s Awards 2022 සමීක්ෂණ සහකරුවා ලෙස Kantar LMRB පත් කෙරේ

ශ්‍රී ලාංකීය ජනතා හඬ නියෝජනය වන එකම ශ්‍රී ලාංකීය සම්මාන උළෙළ ලෙස පවත්වන SLIM People’s Awards 2022 වසර සඳහා තම සමීක්ෂණ සහකරු වශයෙන් Kantar LMRB පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී.

Kantar LMRB යනු ශ්‍රී ලංකාවේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන ලොව කීර්තිමත් සමීක්ෂණ ආයතනයකි.

මෙම නව එකඟතාව පිළිබඳ අවබෝධාත්මක ගිවිසුම අත්සන් තැබීම පසුගියදා SLIM ආයතනයේ සභාපතිනී තිලංකා අබේවර්ධන සහ Kantar LMRB ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී හිමාලි මදුරසිංහ යන දෙපළ අතර සිදු විය.

විද්‍යාත්මක සමීක්ෂණ ක‍්‍රියාවලියක් මත පදනම් වූ SLIM People’s Awardsසම්මාන උළෙලේ දී ශ්‍රී ලාංකිකයන්ගේ ප‍්‍රියතම සන්නාම, පුද්ගල චරිත, සංවිධාන, වෙළෙඳ දැන්වීම්, ගීත හා කලාකරුවන් ඇගයීමකට ලක් කෙරේ. මහජනතාව ජූරිය ලෙස කටයුතු කරනු ලබන එකම ශ්‍රී ලාංකීය සම්මාන උළෙල SLIM People’s Awardsහි ඇති සුවිශේෂත්වය වන්නේ සම්මාන තුළින් සැබෑ මහජන මතය නියෝජනය වීමයි.

මෙරට ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)මගින් ක‍්‍රියාත්මක කෙරෙන තවත් එක් ජාතික මෙහෙවරක් ලෙස 2006 වසරේදී ආරම්භ කළ SLIM People’s Awards සම්මාන උළෙල නිර්මාණය කිරීමෙහිලා නිශාන් නවරත්න (2005 වසරේ SLIM සභාපති, වසන්ත මල්ලිකාරච්චි (2005 වසරේ SLIM උප සභාපති), රොහාන් සෝමවංශ (2006වසරේ ව්‍යාපෘති සභාපති) සහ ශහීන් කාදර් (නීල්සන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ) යන මහත්වරුන් සිව් දෙනා මූලිකත්වය ගෙන මෙතෙක් නොවූ ආකාරයේ නව නිර්මාණශීලී සම්මාන උළෙලක් SLIM People’s Awardsකිරීමෙහිලා සමත් වූහ. අප රටේ අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ගේ අදහස් සැබෑ මහජන මතය ලෙස හඳුනාගැනීමට SLIM People’s Awardsඉතා වැදගත් මූලාශ‍්‍රයක් බවට පත්ව තිබේ. 

SLIM -Kantar LMRB සබඳතාවය පිළිබඳ අදහස් දැක්වූ SLIM People’s Awardsහි ව්‍යාපෘති සභාපති,ශිරාස් නියාස් මහතා “ශ්‍රී ලංකාවේ අලෙවිකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා SLIM සැමවිටම හොඳම සහකරුවන් සමග අත්වැල් බැඳගන්නවා. Kantar LMRBවැනි ජාත්‍යන්තර තත්ත්වයේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යටතේ විනිවිදභාවයකින් යුතුව සමීක්ෂණ කටයුතු සිදුකරන සමාගමක් සමග එක්ව කටයුතු කරන්නට ලැබීම අප ලද භාග්‍යයක්. Kantar LMRBවිශ්වාසනීයත්වය SLIM People’s Awardsසම්මාන උළෙලට තවත් ආලෝකයක් එක්කොට තිබෙනවා.”යැයි පැවසීය.

Views: 63