CSE හි ලැයිස්තුගතවීමට යන මොකක්ද මේ කෝපරේටිව් ඉන්ෂූරන්ස් සමාගම?

සමූපකාර රක්ෂණ සමාගම හෙවත් කෝපරේටිව් ඉන්ෂුරන්ස් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු කරන මූලික කොටස් නිකුතුවක් හරහා එහි ලැයිස්තුගතවිමට සූදානමින් සිටින බව පවසයි.

මේ සඳහා වන අනුමැතිය දැනටමත් කොළඹ කොටස් හුවමාරුව වෙතින් ලැබී ඇති අතර, ලබන 20 වැනිදා මෙම මූලික මහජන කොටස් නිකුතුව සිදු කිරිමට එම සමාගම සූදානමින් සිටියි.

රක්ෂණ සංකල්පය ශ‍්‍රී ලංකාවේ නාගරික සහ තදාසන්න සීමාවෙන් ඔබ්බට ගෙන යාමේ අරමුණින් 1999 දී පිහිටුවන ලද කෝපරේටිව් ඉන්ෂූරන්ස් අද වන  විට සියලූම ලාංකීය රක්ෂණ සමාගම් අතර තෙවැනි විශාලතම ශාඛා ජාලය ක‍්‍රියාත්මක කරන බව පවසයි.

එහිදී පාරිභෝගික සේවයේ විශිෂ්ටත්වය, ප‍්‍රගතිශීලී වැඩ සංස්කෘතිය, ලද අත්දැකීම්, නවෝත්පාදනය සඳහා වූ අඛණ්ඩ කැපවීම සහ සමානාත්මතාවයෙන් යුත් ශක්තිමත් පදනමක් මත මුල් බැස ඇති මෙම සමාගම, ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශය පුරා ජීවත් වන යතුරුපැදි සහ ත‍්‍රිරෝද රථ හිමියන් විශාල පිරිසකට ගැලපෙන පරිදි නම්‍යශීලී රක්ෂණ විසඳුම් හඳුන්වා දුන් පළමු සමාගම ලෙසද සැලකෙයි.

සමාගමේ මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කරමින්, පසුගිය වසර කිහිපය තුළ සමාගම BBB + ධනාත්මක ඉදිරි දැක්මක් සහිත සමාගමක් ලෙස (BBB+ positive outlook) ෆිච් ශ්‍රේණිගත කිරීමකින් (Fitch rating) ද පිදුම් ලබන ලදී. එහි කළමනාකාරිත්වයේ මූලෝපායික විශේෂඥතාව සහ තහවුරු කළ මූල්‍ය ස්ථාවරත්වය නිසා බර තබන ලද භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතයෙහි සාමාන්‍යට (general weighed average Treasure bill rate) වඩා ඉහළ ලාභාංශ ලබා දීමට සමාගමට හැකි වී තිබේ.

කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කර ගනිමින් පසුගිය වසරේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර දැඩි අභියෝගාත්මක කාලපරිච්ජේදයකදී සමාගමේ ඉපැයූ ශුද්ධ රක්ෂණ වාරිකය 5‍% කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇතැයි පවසයි.

කෝවිඞ් 19 වසංගතය ආර්ථිකයෙහි සෑම ක්ෂේත්‍රයටකම දැඩි ව බලපෑම් එල්ල කළ අතර එම බලපෑම මධ්‍යයෙහි 2020 මූල්‍ය වර්ෂය තුළ සමාගම රුපියල් මිලියන 695 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය පෙර වසර සමග සැසඳීමේදී 155‍% ක අති දැවැන්ත වර්ධනයකි.

මෙම වර්ධනයත් සමග ශ‍්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින රක්ෂණ සමාගම් 10 අතරට පත් වීමට කෝපරේටිව් ඉන්ෂූරන්ස් සමත් විය. කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය දැක්ම තහවුරු කරමින් ඔවුන් විසින් දිවයින සිව් කොණ පාරිභෝගිකයින් වෙත හඳුන්වාදුන් අසමසම රක්ෂණ විසඳුම් මේ සඳහා හේතු පාදක වී තිබේ.

2020 මූල්‍ය වර්ෂ තුළ කෝපරේටිව් ඉන්ෂූරන්ස් (සාමාන්‍ය) රක්ෂණ සමාගම සිය වෙළෙඳපොළ කොටස 4.06% ක් දක්වා වර්ධනය කර ගත් අතර මෙම අගය 2019 වසරේදී දැක්වුනේ 3.89‍% ක් ලෙසින්ය. සාමාන්‍ය රක්ෂණ කර්මාන්තයේ 2020 වර්ෂයේ දළ ලේඛනගත රක්ෂණ වාරික වර්ධන වේගය -2.24‍% සමග සැසඳීමේදී කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය දළ ලේඛනගත රක්ෂණ වාරික වර්ධන වේගය 2‍% කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. එමෙන්ම සමාන්‍ය රක්ෂණ කර්මාන්තයේ වර්ෂ 5ක දළ ලේඛන රක්ෂණ වාරික සාමාන්‍ය 8.95‍% ක් ලෙස සටහන් වන විට සමාගමේ වර්ෂ 5ක දළ ලේඛනගත රක්ෂණ වාරික සාමාන්‍ය සාමාන්‍ය 4.06‍% ක් ලෙස සටහන් වේ.

කෝපරේටිව් ඉන්ෂූරන්ස් මෙරට සාමාන්‍ය රක්ෂණ සේවා කර්මාන්තයේ වෙළෙඳපොළ ප‍්‍රසාරණය සඳහා ඉහළ දායකත්වයක්  ලබාදෙමින් 2020 වර්ෂය තුළ නව රක්ෂණ ගිවිසුම් 945,743 ක් නිකුත් කර ඇත. 2020 වසර තුළ සමාගමේ බදුපසු ලාභය 155‍% කින් වර්ධනය වෙමින් රුපියල් මිලියන 695 ක් වූ අතර පෙර වසර සමග සැසඳීමේදී සමාගමේ බදුපෙර ලාභය 120% ක වර්ධනයක් ද සමගින් රුපියල් මිලියන 940 ක් දක්වා වර්ධනය කර ඇත.

2015 වසරේ සිට සමාගමේ ශක්තිමත් ගමන් මඟ කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධකයක් වූයේ, ආයතනික ක‍්‍රමවේදය වැඩිදියුණු කර විධිමත් කිරීමට ගත් පියවරක් ලෙස ඩිජිටල් තාක්ෂණය තුළින් සේවාවන් බලගැන්වීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කිරීමය.

මෙමගින් කෝපරේටිව් ඉන්ෂූරන්ස් හි සේවකයන්ට සහ ගනුදෙනුකරුවන්ට එහි සේවා කළඹ වෙත පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස ප‍්‍රවේශ වීමට අවස්ථාව උදාවිිය.  උදෙසා එහි ප‍්‍රතිඵලයක් ලෙස අපගේ www.ci.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් පාරිභෝගිකයින්ට මෝටර් රථ රක්ෂණ ඔප්පු පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

මෙය කර්මාන්තයේ සෙසු තරගකරුවන් සමග තියුණු තරගයකට පමණක් නොව ජනතාවගේ රක්ෂණ සමාගමක් ලෙස සමාජයෙහි ශක්තිමත් ලෙස ස්ථානගත වීමට ද හැකි විය.

කෝපරේටිව් ඉන්ෂූරන්ස් විසින් ශ‍්‍රී ලංකාව තුළ රක්ෂණ සමාගමක් විසින් ආරම්භ කළ පළමු පුහුණු ඇකඩමිය Coopinsu Training Academyහ ලෙස නම් කරන ලදි. මෙමගින් සමාගමේ සේවකයන්ට තම ගනුදෙනුකරුවන්ට සපයනු ලබන සේවාවේ ගුණාත්මක භාවයට සෘජුවම බලපාන උපාය මාර්ගයක් වන ඔවුන්ගේ කුසලතා ශක්තිමත් කර ගැනීමට සහ ඔවුන්ගේ නිපුණතාවන් තවදුරටත් ඉහළ නංවාලීමට අවස්ථාව උදා වෙයි.

තවද එහිදී ප‍්‍රමුඛ පෙළේ දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන්කරුවන් සමඟ සම්බන්ධ වීමට සහ උසස් තත්වයේ අධ්‍යාපන පහසුකම් සඳහා ප‍්‍රවේශය වීමට අවස්ථාව හිමි වනු ඇත . එසේම මෙම ඇකඩමිය එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ ^UK CII&විභාග සඳහා ලියාපදිංචි ආයතනයක් වීමද විශේෂත්වයකි.

රටේ ප‍්‍රමුඛ පෙළේ රක්ෂණකරුවෙකු සහ විශාලතම හිමිකම් සපයන්නකු ලෙස කෝපරේටිව් ඉන්ෂූරන්ස් රට පුරා සිටින පුළුල් පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි දැරිය හැකි රක්ෂණ වාරික පිරිනැමීමට කටයුතු කරයි. මෙම දැක්ම සමඟින්, කෝපරේටිව් ඉන්ෂූරන්ස් ග‍්‍රාමීය සහ නාගරික ප‍්‍රජාවන්ගේ රක්ෂණය පිළිබඳ ඇති අදහස වෙනස් කිරීමට සමත් විය. පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට අනුකූල රක්ෂණ විසඳුම් ලබාදීමටත්  කෝපරේටිව් ඉන්ෂූරන්ස් ඇප කැප වී කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

Hits: 452