එලිෆන්ට් හවුස් වෙතින් අධිශීතකළ යෝගට් හඳුන්වා දෙයි
සිලෝන් කෝල්ඩ් සිටෝර්ස් පීඑල්සී සමාගම යටතේ ක්‍රියාත්මක එලිෆන්ට් හවුස් – අයිස් ක්‍රීම් වෙළෙඳ නාමය මගින් සිය අලුත්ම හඳුන්වාදීම ලෙස අධිශීතකළ යෝගට් නිෂ්පාදනයක් ඉදිරිපත් කර ඇතැයි පවසයි.
අද දිනයේදී නිල වශයෙන් මෙම නිෂ්පාදනය පිළිබඳව එළිදැක්වීම සිදු විය. මෙහිදී ස්ට්‍රෝබෙරි සහ බ්ලැක්බෙරි මිශ්‍ර වූ මික්ස්ඩ් බෙරි සහ අඹ ඇතුළත් ට්‍රොපිකල් මැංගෝ යන රස දෙකෙන් මෙම නිෂ්පාදනය හඳුන්වා දෙන බව එලිෆන්ට් හවුස් – අයිස්ක්‍රීම් සමාගම සඳහන් කරයි.
මිලිලීටර් 500ක නිෂ්පාදනයක් ලෙස මෙය වෙළෙඳ පොළට ඉදිරිපත්ව තිබේ. ආසන්න දින කිහිපයේදීම එලිෆන්ට් හවුස් – අයිස්ක්‍රීම් සමාගම මෙම නව නිෂ්පාදනය පිළිබඳව පූර්ව ප්‍රචාරණයක් සිදු කෙරිණි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2021/11/259136777_4993459187386905_4588340696317221083_n-1024x1024.jpg)
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 289