සිලෝන් ටොබැකෝ කම්පැනි වෙතින් රුපියල් 15.00 ක තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගම (CTC.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 15.00ක් බැගින් හිමි වන ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී පවසයි.

මෙය 2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙසද සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 10 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 22 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ (10) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී කොටසක අගය රුපියල් 912.25ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක අගය වූ රුපියල් 911.50ට සාපේක්ෂව ශත75කින් එනම් 0.08%කින් ඉහළ යාමකි.

Views: 150