Keels වෙළෙඳ සැල් සමාගම Finagle හා එක්ව නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවය පවත්වයි

සෑම වසරකදීම නත්තල් උත්සවය වෙනුවෙන් සකස් කරන නත්තල් කේක් සඳහා වන සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවය පසුගියදා පැවැත් වූ බව Keels සුපිරි වෙළෙඳ සැල් ජාලය පවසයි.

මෙරට ප්‍රමුඛ පෙළේ බේකරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන Finagle හා එක්ව මෙම සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍ර කිරීමේ අවස්ථාව සංවිධානය කරන්නට Keels කටයුතු යොදා තිබේ. විශේෂයෙන්ම රට තුළ පවතින දැඩි COVID-19 සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ආරක්ෂා කරමින්, ඉතාමත් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.

මෙලෙස නත්තල් උත්සව සමය නිමිති කරගනිමින් සකස් කරන නත්තල් කේක් සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ සම්ප්‍රදාය 17 වැනි සියවස දක්වා දිවයන බව Keels පවසයි. ඒ අනුව එම සම්ප්‍රදාය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කෙරී ඇත.

විශේෂයෙන්ම මේ වසරේදී සිය නත්තල් කේක් සකස් කිරීමේදී බලාපොරොත්තුව, ප්‍රත්‍යස්ථතාව සහ ස්තූතිවන්තභාවය යනාදී කාරණා අදහස් කරගත් බවද Keels සඳහන් කර සිටියි.

“අපගේ නිවෙස් වෙත සතුට සහ ආදරය රැගෙන ඒමේ උත්සාහය යටතේ අපි මේ උත්සව සමයේ සිට තවත් මුල පිරීම් කිහිපයක්ම සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම උත්සවය එහි ආරම්භයයි. වඩාත් යහපත් හෙටක් සඳහා බලාපොරොත්තුව නැවත කැඳවාගෙන ඒම අපේ අරමුණයි.” යනුවෙන් Keels සුපිරි වෙළෙඳ සැල් ජාලය සඳහන් කරයි.

Views: 64