DFCC කොටස් මිලියන 17.8ක් හිමි ෂිබානි තම්බය්යාහ් එහි අධ්‍යක්ෂ මණ්ඩල ධුරයෙන් විශ්‍රාම යයි
DFCC බැංකුවෙහි අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කළ ෂිබානි තම්බියාහ් මහත්මිය එම ධුරයෙන් විශ්‍රාම ගොස් ඇතැයි බැංකුව පවසයි. ඊයේ (සැප්තැම්බර් 27දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ.
ඇය බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස වසර නවයක කාලයක් සම්පූර්ණ කරමින් මෙලෙස එම ධුරයෙන් ඉවත්ව ඇත.
ෂිබානි තම්බය්යාහ් මහත්මිය 2012 සැප්තැම්බර් මාසයේදී පළමුවරට DFFC වර්ධන බැංකුවෙහි අධ්‍යක්ෂවරියක ලෙස පත් වූවාය. ඇය වසර 2015 පෙබරවාරි මාසය දක්වා එම ධුරය දැරූ අතර, DFFC වර්ධන බැංකුව – DFCC බැංකුව ලෙස වෙනස් වීමත් සමගින්ම ඇය 2015 මාර්තු මාසයේ සිට එම බැංකුවෙහි අධ්‍යක්ෂිකාවක ලෙස පත් වූවාය.
මෙලෙස ඇය DFCC බැංකුවෙහි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වන අවස්ථාව වනවිට ඇය සතුව බැංකුවෙහි කොටස් මිලියන 17ක (17,817,022ක) හිමිකාරීත්වයක් ඇය සතුව පැවති බවද බැංකුව මෙහිදී අනාවරණය කර සිටියි. එහිදී සමාගම් අටක් යටතේ මෙම කොටස් හිමිකාරීත්වය පැවතීමත් විශේෂත්වයකි.
ඒ අනුව රේණුකා හොටෙල්ස් ලිමිටඩ් සතුවූ කොටස් 4,292,082ක්, රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සී සතු වූ කොටස් 7,298,813ක්, රේනුකා කන්සල්ටන්ට්ස් ඇන්ඩ් සර්විසස් ලිමිටඩ් සතුව තිබූ කොටස් 1,156,948ක්, රේනුකා ප්‍රොපර්ටීස් ලිමිටඩ් සතුව තිබූ කොටස් 745,873ක්, ලැන්කෙස්ටර් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සතුව තිබූ කොටස් 68,489ක්, පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 60,321ක්, කාර්ගෝබෝට් ඩිවලොප්මන්ට් කෝපරේෂන් පීඑල්සී සතුව තිබූ කොටස් 2,632,342ක් සහ ක්‍රෙසන්ට් ලොන්ඩර්ස් ඇන්ඩ් ඩ්‍රයි ක්ලීනර්ස් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 1,562,154ක් ලෙස ඇය DFCC බැංකුවෙහි කොටස් හිමිකමක් දැරූ බව බැංකුව පවසයි.
ෂිබානි තම්බය්යාහ් මහත්මිය ඉහත සඳහන් කළ සියලුම සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කරයි. ඒ අතරින් ඇය රේනුකා හොටේල්ස් ලිමිටඩ් සහ රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සීහි ඒකාබද්ධ කළමනාකරණ අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරයි. එසේම ඇය කාර්ගෝබෝට් ඩිවලොප්මන්ට් කෝපරේෂන් පීඑල්සී, ක්‍රෙසන්ට් ලොන්ඩර්ස් ඇන්ඩ් ඩ්‍රයි ක්ලීනර්ස්, රේනුකා කන්සල්ටන්ට්ස් ඇන්ඩ් සර්විසස් ලිමිටඩ්, රේනුකා ප්‍රොපර්ටීස් ලිමිටඩ්, ලැන්කාස්ටර් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සහ පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් සර්විසස් (පෞද්) සමාගම සහ රේනුකා ලෑන්ඩ් (පෞද්) සමාගම යන සමාගම්හි අධ්‍යක්ෂිකාවකද වෙයි.

Hits: 551