අමානා බැංකුවෙන් කොටස් ලාභාංශ ගෙවීමක්
කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත අමානා බැංකුව (ABL.N0000) මගින් සිය කොටස් හිමිකරුවන් සඳහා කොටස් ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගිය සැප්. 18 පැවැති එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
2021 මාර්තු 31 වැනිදායින් අවසන් වුණු 2021 මූල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම කොටස් ලාභාංශ ගෙවන බව අමානා බැංකුව සඳහන් කරයි.
ඒ අනුව සෑම ඡන්ද හිමි එක් කොටසක් සඳහා කොටස් 29ක් හිමි වන ලෙස (1:29. 0000002675ක්) ලෙස කොටස් ලාභාංශ ගෙවීම සිදු වෙයි.
මෙය සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටසකට රුපියල් ශත 10ක වටිනාකමක් බැගින් ලබා දෙන අතරමැදි ලාභාංශ ගෙවීමක් ලෙසද බැංකුව සඳහන් කරයි.
අද වනවිට සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව කොටස් 2,601,446,155 කි.
ඒ අනුව මෙහිදී නිකුත් කෙරෙන කොටස් සංඛ්‍යාව කොටස් මිලියන 89ක් (89,705,039ක්) වන බවත් අමානා බැංකුව පවසයි.
බැංකුව සඳහන් කරන ආකාරයට මෙම නිකුත් කෙරෙන එක් කොටසක වටිනාකම රුපියල් 2.90ක් ලෙස සටහන් කෙරී තිබේ. ඒ අනුව මෙම සමස්ත කොටස් ලාභාංශයේ වටිනාකම රුපියල් මිලියන 260 ක් (260,144,613.10ක්) බවද බැංකුව පවසයි.
අමානා බැංකුවට අනුව එය සතු වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 10ක් (10,819,561,398.32ක්) වෙයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 347