LPL දෙවැනි අදියරේ ක්රීඩක ලැයිස්තුවට ශකීබ්, ෆෝක්නර්, බවුමා එක් වෙති
ජාත්‍යන්තර ක‍්‍රිකට් එක්දින ශ්‍රේණිගතකරණයෙහි ඉදිරියෙන් සිටින බංග්ලාදේශයේ ශකීබ් අල් හසන්, ඔස්ටේ‍්‍රලියාවේ බෙන් කටිං සහ ජේම්ස් ෆෝක්නර්, දකුණු අප‍්‍රිකානු එක්දින සහ 20-20 කණ්ඩායම් නියෝජනය කරන ටෙම්බා බවුමා ඇතුළුව ජනප‍්‍රිය ක‍්‍රිකට් තරු රැසක් ලංකා ප‍්‍රිමියර් ලීග් දෙවැනි අදියරේ ක්රීඩක ලැයිස්තුවට ඇතුලත් වී ඇතැයි පවසයි.
මිචෙල් මැක්ලශාන්, නිකලස් පූරන්, මොහොමඞ් මහමදුල්ලා, ශෆේන් රදර්ෆඞ්, රවි රාම්පෝල්, ඬේවිඞ් වයිස් සහ කැලම් ෆර්ගියුසන් මෙලෙස ලංකා ප‍්‍රිමියර් ලීග් දෙවැනි අදියර සඳහා ලැයිස්තුගත වූ සෙසු ප‍්‍රමුඛ පෙළේ ක‍්‍රීඩකයෝ වෙති.
මීට අමතරව සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ බ්‍රෙන්ඩන් ටේලර්, නේපාලයේ සන්ඞීප් ලමෙච්චේනි සහ ඇමරිකා එක්සත් ජනපදයේ අලි කාන් යන ක‍්‍රීඩකයින් ද ක‍්‍රීඩක වෙන්දේසිය සඳහා සකස් කෙරෙන ලැයිස්තුවට අතුළත් වනු ඇත. ඉන්දියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක යූසුෆ් පතාන් කණ්ඩායම්වලට තෝරා ගැනීම සඳහා මෙවර ක‍්‍රිඩක ලැයිස්තුවට අලූතින් එක්ව සිටී.
ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රීඩක ලැයිස්තුව පිළිබඳව අදහස් දක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හි උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා ‘‘පසුගිය වසරේ ලැබූ සාර්ථකත්වය සමග මෙවර ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් තරු රැසක් ලංකා ප‍්‍රිමියර් ලීග් දෙවැනි අදියර සමග එක් වීමට ලැයිස්තුගත වීම සැබවින්ම සතුටට කරුණක්. මෙම තත්වය ඉදිරි තරගාවලි සඳහා සුභවාදී තත්වයක් ලෙස නිසැකවම කිව හැකියි’’ යනුවෙන් පැවසීය.
මේ පිළිබඳව අදහස් දක්වන IPG හි ප‍්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා ‘‘මෙවර ඉදිරිපත් වූ ක‍්‍රීඩකයින් සමග පේ‍්‍රක්ෂකයින්ට අමතක නොවන තරගාවලි අත්දැකීමක් හිමි වන බවට කිසිදු සැකයක් නැහැ’’ යනුවෙන් පැවසීය.
ප‍්‍රිමියර් ලීග් දෙවැනි අදියර සඳහා ලැයිස්තුගත වූ ක‍්‍රීඩකයින්
බංග්ලාදේශය – තමිම් ඉක්බාල්, මෙහෙදි හසන්, ටස්කින් අහමඞ්, ලිටන් දාස්, සෞම්‍ය සර්කාර්
ඔස්ටේ‍්‍රලියාව – උස්මාන් කවාජා, බෙන් ඩන්ක්, කැලම් ෆර්ගිව්සන්,
බටහිර ඉන්දීය කොදෙව් – ශෙල්ඩන් කොට්‍රල්, රයඞ් එම්රිට්, රවි රාම්පෝල්, ඞ්වේන් ස්මිත්, දිනේශ් රම්ඞීන්, ජොන්සන් චාල්ස්, රොව්මන් පවෙල්,
පකිස්ථානය – හරිස් ශොහෙල්, වකාස් මක්සූඞ්, මුහම්මඞ් හසීන්, මොහොමඞ් ඉර්ෆාන්, ෂොයිබ් මක්සූඞ්, ශාන් මසූඞ්, අන්වර් අලි, අම්මඞ් බට්
දකුණු අප‍්‍රිකාව – රීලී රොසොව්, ඬේවිඞ් වයිස්, ටේ‍්‍රවර් ස්මට්, මෝනේ මොර්කල්, රීස් වෑන්ඩර් ඩූසන්, කේශව් මහරාජ්, ටෙබ්රාස් ශම්සි, හාර්ඩස් විල්ජෝන්
ඇෆ්ගනිස්ථානය – මොහොමඞ් ශෙසාඞ්, නජිබුල්ලා සෆ්රාන්, නවීන් උල් හක්, උස්මාන් ශිනවාරි, රාමනුල්ලා ගුර්බාස්, හස්රතුල්ලා සසී, ක්වායිස් අහමඞ්;

Hits: 75