එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි රුපියල් 5.50 බැගින් ලාභාංශ ගෙවීම ජූලි 23
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (ALLI.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගිය ජූනි 08 වැනිදා පැවැති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව සමාගම මගින් මේ දක්වා නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5.50ක් බැගින් ලාභාංශ ගෙවීමට මෙහිදී යෝජනා වී ඇත.
මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බවද සමාගම පවසයි.
මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 23 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත (XD Date) ලෙස ජූලි 05 වැනිදා නම් කෙරී තිබේ.
මෙම ලාභාංශ ගෙවීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය සමාගමේ කොටස් හිමිකරුවන් විසින් ලබා ගත යුතුව ඇතිබවත්, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන ජූලි 02 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී පවසයි.
ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 76.10ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී වාර්තා වූ රුපියල් 76.80ට සාපේක්ෂව ශත 70ක එනම් 0.91%ක පසුබැසීමකි.

Hits: 324