“5%ත් – 5.5%ත් අතර මැදිකාලීන ආර්ථික වර්ධන අපේක්ෂාවක්” – මහාභාණ්ඩාගාර ලේකම්

රටෙහි දළ ජාතික නිෂ්පාදිතය වෙත රජය විසින් සිදු කරන 5%ත් 5.5%ක ආයෝජනයන්ද සමගින් 5% ත් 5.5%ත් අතර මැදිකාලීන ආර්ථික වර්ධන වේගයක් පිළිබඳව රජය කල්පනා කරමින් සිටින බව මහාභාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

අප පෙරවරුවේදී ආරම්භ වූ Sri Lanka Invest Forum නම් ආයෝජන හමුවේ පළමු සංවාදමය සාකච්ඡාවටය වෙත සහභාගි වෙමින් ඒ මහතා මේ අදහස් පළ කර තිබේ.

මෙම සංවාදය සඳහා මහ බැංකු අධිපති දේශමාන්‍ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන්, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ නේපාලය සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදාද්-සෙර්වොස් සහ බොස්ටන් කන්සල්ටින් ගෘප්හි කළමනාකාර අධ්‍යක්ෂ සහ හවුල්කරුවෙකු වන ප්‍රාටීක් රූන්ග්ටා සම්බන්ධ වී ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතාද, 2019 වසරේදී රජයේ ණය අතරින් 48%ක් පමණ වූ විදේශ ණය 2020 දී 40% ක් දක්වා අඩු කිරීමට හැකියාව ලැබුණු බව පවසා තිබේ.

Views: 220