වින්ඩ්ෆෝර්ස් සමාගම ෆෙයාර්වේ වේස්ට් මැනේජ්මන්ට් සමාගම මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ආසන්නතම ලැයිස්තුගත සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම මගින්, ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමට අයත් ෆෙයාර්වේ වේස්ට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගමේ 92.5% ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමක් සිදු කර ඇතැයි පවසයි.

ඊයේ (මැයි 20) දිනයේදී සමාගම් දෙක අතර මෙම කොටස්කොටස් අලෙවිය සහ මිලදී ගැනීම සිදු වී තිබේ.

එහිදී ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හේමක ඩි අල්විස් සහ මිලින්ද රොමේෂ් අමරසිංහ යන දෙපළ සමගින් මෙම එකඟතාවට අත්සන් තබා තිබෙන බව වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම පවසයි.

ඔවුන් දෙපළ මෙම ෆෙයාර්වේ වේස්ට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගමේ කොටස් හිමිකරුවන්ද වෙයි. ඒ අතරින් හේමක ඩි අල්විස් මහතා ෆෙයාර්වේ හෝල්ඩිංග්ස්හි සභාපතිවරයා වන අතර මිලින්ද අමරසිංහ මහතා ෆෙයාර්වේ වේස්ට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගමේ ප්‍රධාන අනුකූලතා නිලධාරියාද වෙයි.

පසුගිය මැයි 12 වැනිදා ඉදිරිපත් වූ සිය අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවක් හරහා මෙම අත්පත් කරගැනිම පිළිබඳ අනුමැතිය හිමිවූ බවද වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම පවසයි.

කරදියාන කසල අංගනයේ දිනකට එකතු වන මෙට්‍රික් ටොන් 500ක් පමණ වන ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලි බලය නිපදවීමේ සමාගමක් ලෙස මෙම ෆෙයාර්වේ වේස්ට් මැනේජ්මන්ට් (පෞද්) සමාගම ස්ථාපිත කෙරී තිබේ.

ඒ හරහා මෙගාවොට් 10ක විදුලිබලයක් ජාතික පද්ධතිය වෙත සැලසුම වී ඇති අතර, ඊට අදාළව විදුලි බලය මිලදී ගැනීමේ එකඟතාවක්ද ලංකා විදුලි බල මණ්ඩලය සමගින් දැනටමත් එම සමාගම අත්සන් තබා ඇතැයිද පැවසෙයි.

Views: 539