වින්ඩ්ෆෝර්ස් CSE හි ලැයිස්තුගත වීම අප්‍රේල් 22 වැනිදා
පසුගියදා කොළඹ කොටස් හුවමාරුව (CSE) තුළ සිය මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) සිදු කළ සීමාසහිත වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගම එහි ලැයිස්තුගතවීම ලබන අප්‍රේල් 22 වැනිදා සිදු කෙරෙන බව කොළඹ කොටස් හුවමාරුව සියලුම කොටස් ගනුදෙනුකාර සමාගම් වෙත දැනුම් දී සිටියි.
ඒ අනුව මෙහිදී වින්ඩ්ෆෝර්ස් සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,350,768,942ක් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරිමට නියමිතව ඇත. WIND-N-0000 යන කේතය යටතේ මෙම ලැයිස්තුගතවීම සිදු කෙරේ.
කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරන ආකාරයට වින්ඩ්ෆොර්ස් සමාගමේ මෙම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් එහි ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගත කෙරේ.එසේම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ‘ස්වාධීන විදුලිබල නිෂ්පාදකයන් සහ බලශක්ති අලෙවිකරුවන්’ යන අංශය යටතේ වර්ගීකරණය කෙරෙන බවත් සඳහන් වෙයි.
වින්ඩ්ෆෝර්ස් පෞද්ගලික සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව පසුගිය මාර්තු 24 වැනිදා සිදු විය. එය මේ වසරේදී කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු වූ පළමු මූලික මහජන කොටස් නිකුතුව ලෙසින්ද ඉතිහාසයට එක්විය.
එහිදී සමාගම එක් කොටසක් රුපියල් 16 බැගින් සිය කොටස් 202,615,341ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ හරහා රුපියල් බිලියන 3.24 ක මුදලක් රැස් කර ගැනීම අරමුණ විය.
මෙම නිකුතුව සඳහා ඉදිරිපත් වූ අධිඉල්ලුමත් සමගින්ම එදිනම පස්වරු 4.30 වන විට අදාළ නිකුතුව නිමා කිරීමටත් සමාගම කටයුතු යොදා තිබුණි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)
Views: 324