කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ට්‍රේඩ් ෆිනෑන්ස් ඒකාබද්ධය 2020 දෙසැ. 31 සිදු වෙලා
කොළඹ කොටස් වෙළෙඳ හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගම් දෙකක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සහ ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී යන සමාගම්වල ඒකාබද්ධවීම 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදා සිදු වූ බව කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම කොටස් හුවමාරුව වෙත අනාවරණය කරයි.
මෙහිදී එම ඒකාබද්ධවීමට අදාළව සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සහතික පත්‍රයේ සත්‍ය පිටපතක්ද එම සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත ලබා දී තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම සමාගම් දෙකෙහි ඒකාබද්ධවීම පිළිබඳව නිවේදනය නිකුත් කර තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබා දී ඇති මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් මගින් පවත්වා ගත යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා මෙලෙස සමාගම් දෙක ඒකාබද්ධවීමට නියමිත බව පැවසුණි.
ඒ සඳහා වන අවසරය 2020 ජනවාරි 21 වැනිදා වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව මගින්ද ලබා දී තිබුණි. සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මගින් මෙම ඒකාබද්ධවීමට අනුමැතිය ලබා දී තිබුණේ 2020 සැප්තැම්බර් 23 වැනිදාය.

මෙලෙස සමාගම් දෙක ඒකාබද්ධවීමත් සමගින්ම මින් ඉදිරියට එය කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ලෙස හැඳින්වීම සිදු වන බවත්, කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත කර ඇති ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටස් ඉන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් සමාගම මෙහිදී කොටස් හුවමාරුව වෙත දැනුම් දී ඇත.
ජේ.එල්. මොරිසන් ඇන්ඩ් සන්ස් ලිමිටඩ් සමාගම මගින් 1978 ජනවාරි 05 වැනිදා ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම පිහිටුවා තිබේ. පසුව 1990 දී ජෙට්වින්ග් සමූහය මගින් එම සමාගමේ 93%ක කොටස් ප්‍රමාණයත් අත්පත් කරගෙන ඇත. අනතුරුව 2014 වසරේදී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව එහි පාලිත සමාගමක් ලෙස ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම ක්‍රියාත්මක විය.
මෙම ඒකාබද්ධය සිදුවන අවස්ථාව වන විට ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ සාමාන්‍ය කොටස් අතරින් 99.65%ක ප්‍රමාණයක් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම විසින් දරන අතර සිදුවන ඒකාබද්ධවිමක් හරහා එම කොටස් අවලංගුවීමක් සිදු වන බව සමාගම් මීට පෙර සඳහන් කර තිබුණි. එසේම ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ අනෙකුත් කොටස්හිමිකරුවන් වෙත කොටසකට රුපියල් 60.00ක් බැගින් ගෙවිමක්ද සිදු වෙනු ඇති බවත් එහිදී සඳහන් විය.
කෙසේ වෙතත් මෙහිදී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් හිමිකරුවන් වෙත මෙය අදාළ නොවන බවත් පැවසෙයි. මීට අමතරව අදාළ ඒකාබද්ධවීම ක්‍රියාත්මක වීමෙන් පසුව වුවත් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම මගින් නිකුත් කර ඇති කොටස් ප්‍රමාණයේ වෙනසක් සිදු නොවන බවත් වැඩිදුරටත් සඳහන් වී තිබුණි.

Hits: 308