ප්‍රභාෂ් සුභසිංහ EDB සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රභාෂ් සුභසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම ස්ථිර වී ඇතැයි එම මණ්ඩලය පවසයි. පසුගියදා ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලා අස්වීම පිළිබඳව ඔහු දැනුම්දී තිබේ. වසරක කාලයක් සඳහා පමණක් සුභසිංහ මහතා ජනාධිපතිවරයා අතින් මෙම ධුරය ලබා ගෙන තිබුණි.

සිය අනෙක් ව්‍යාපාර කටයුතු කෙරෙහි අවධානයක් යොමු කළ යුතු නිසා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සුභසිංහ මහතා සඳහන් කළ බව මාධ්‍ය වාර්තා පළ විය.

සුබසිංහ මහතා Global Rubber Industries (Pvt) Ltd සභාපතිවරයා , Global Sea Foods (Pvt) Ltd කළමනාකාර අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා නිෂ්පාදකයින්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයාද වේ. එසේම සුබසිංහ මහතා ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකි.

එමෙන්ම සනස සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සුබසිංහ මහතා කටයුතු කරයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක ප්‍රමුඛ කොටස්කරුවෙකු වන ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධානතම කොටස්කරුවාද වන බව මාධ්‍ය වාර්තා පවසයි.

Views: 220