බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය තේ බෙදයි

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය තේ බෙදයි

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එරට තුළ කොවිඩ්-19 එරෙහි සටනේ ඉදිරි පෙළ සිටින ජාතික සෞඛ්‍ය සේවාවේ පිරිසගේ පරිභෝජනය සඳහා ‘ලංකා තේ (සිලෝන් ටී)’ නිෂ්පාදන තොගයක් ප්‍රදානය කළ බව පවසයි.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන මහත්මිය විසින් සෞඛ්‍ය සේවකයන් වෙත මෙම ප්‍රදානය එම සිදු කර තිබේ. එහිදී ඊට අවශ්‍ය තේ තොග මෙරට ප්‍රධාන පෙළේ තේ අපනයනකරුවන් විසින් ලබාදීමත් විශේෂත්වයකි.

ඒ අනුව ඩිල්මා, ම්ලෙස්නා, ඉංග්ලිෂ් ටී ෂොප්, අක්බාර්, වින්ටේජ්, ටී ට්‍රෙන්ඩ්ස් සහ ස්ටෙසන් යන සමාගම් මෙම තේ ලබා දුන් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයද සඳහන් කරයි.

මෙරට නිපදවෙන තේ පානය කිරීමෙන් කොවිඩ්-19 වසංගතයෙන් වැළැක්විය හැකි බවට වන සඳහන් කිරීමත් සමගම ලොව පුරා මේ වනවිට ‘ලංකා තේ’ සඳහා ඉහළ ඉල්ලුමක් හට ගෙන තිබේ.

Visits: 18