ඉන්දියාවේ TVS Motor සමාගම ‘TVS Raider’ නමින් නව යතුරු පැදියක් එළි දක්වයි

ඉන්දියාවේ TVS Motor සමාගම ‘TVS Raider’  නමින් නවතම යතුරුපැදියක් වෙළෙඳ පොළට නිකුත් කිරීම ඊයේ දිනයේදී සිදු විය. 125CC යතුරු පැදි කාණ්ඩය යටතේ ඉදිරිපත්ව ඇති මෙය ඉන්දියානු රුපියල් 77,500ක මුදලකට මිල කෙරී තිබේ.

මෙම යතුරු පැදිය සතුව LCD ඩිජිටල් වේගමාපකයක්, රියදුරා සමගින් අන්තර්ක්‍රියා කළ හැකි අගල්-පහක විශාලත්වයක් ගන්නා TFT Cluster අතුරු මුහුණතක්, වොයිස් ඇසිස්ට් පහසුකම මෙන්ම එකිනෙකට වෙනස් ධාවන ක්‍රමවේදයන් සහ ආසනය යට ඇති ගබඩා පහසුකම් යනාදියෙන්ද සමන්විත වන බව පැවසෙයි.

ඒ අනුව මෙම නවතම ‘TVS Raider’ රථය බජාජ් සමාගමේ Bajaj Pulsar 125 සහ හොන්ඩා සමාගමේ Honda CB Shine SP යන මාදිලි සඳහා තරගයක් ලෙස ඉදිරිපත් කරවූවක් බව අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති TVS Motor සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි, කේ.එන්. රාධාක්‍රිෂ්නන් මහතා, “මෙම ‘TVS Raider’ යතුරු පැදිය හරහා අපගේ නිෂ්පාදන කළඹ වෙත අලුත්ම ගෝලීය යතුරුපැදි මාදිලියක් එකතු කිරීමට හැකියාව ලැබීම ගැන සතුටු වෙනවා. මෙය තාරුණ්‍යය සඳහා විශේෂයෙන්ම නිපදවූවක්. මෙය සතුව නවීනතම කාක්ෂණය තිබෙනවා. ඉන්දියාවේ වගේම ලොවපුරාත් තරුණ පාරිභෝගිකයන් අතර හොඳම තේරීමක් බවට මේ ‘TVS Raider’ පත් වන බව මහ විශ්වාසයි.” යනුවෙන් පවසා තිබේ.

Visits: 107