අලියාන්ස් ලංකා අයිඩියල් මෝටර්ස් සහ ෆස්ට් චොයිස් සමග හවුල්කාරීත්වයකට

තෝරා ගත් රථ වාහන පන්ති සහ දිවයින පුරා පිහිටි අයිඩියල් ෆස්ට් චොයිස් (Ideal First Choice) සහ අයිඩියල් මෝටර් රථ බඳ හා පින්තාරු කරන සේවා ස්ථානයන් (Ideal Motor Body & Paint Workshops) වෙතින් වාහන හානි අලුත් වැඩියාවන් කිරීමට සහ නොමිලේ මෝටර් රථ රක්ෂණයන් ලබා දීම උදෙසා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (අලියාන්ස් ලංකා) අයිඩියල් මෝටර්ස් (Ideal Motors) සහ එහි අනුබද්ධ ආයතනයක් වන අයිඩියල් ෆස්ට් චොයිස් (First Choice) ආයතනය හා හවුල්කාරීත්වයක් ඇති කර ගත් බව පවසයි.

මෙම හවුල්කාරීත්වය තුළින් අයිඩියල් විසින් සියලුම නව මහේන්ද්‍රා වෙළඳ වාහන, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා නොමිලේ රක්ෂණය ලබා දීම සිදු කරනු ලැබේ. එයට අමතරව ඔවුන් අලියාන්ස් වෙතින් රක්ෂණය ලබා ගන්නා නව රථ වාහන හිමිකරුවන් වෙත සිත්ගන්නා සුළු ප්‍රතිලාභයන් ලබා දීමටද ඔවුන් කටයුතු කරනු ඇත.

අයිඩියල් සතුව දිවයින පුරා ප්‍රධාන ස්ථානයන්හි පුළුල් ලෙස ව්‍යාප්ත වූ වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානයන් (ගරාජයන් – Garages) ජාලයක් පවතින අතර එම වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානයන් අලියාන්ස් ලංකා අනුමත වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානයන් හා එකතු වනු ඇත. කිනම් හෝ වාහන අලුත්වැඩියාවක් හෝ වෙනත් ඒ හා බැඳි අවශ්‍යතාවයන් සඳහා මෙම ඔප්පු හිමියන් හට එම වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානයන් වෙත යොමු විය හැකිය.

එසේම බහු සන්නාමිත රථ වාහන අලුත්වැඩියා කිරීමේ පහසුකම් සහ උපකරණ සහිත මෙම වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානයන් ඔප්පු හිමියන් වෙත අතිරේක වාසියක් සලසා දෙනු ඇත.

අලියාන්ස් ලංකා ඔප්පු හිමියන් හට අයිඩියල් හා සෘජු සම්බන්ධතාවයක් ඇති බැවින් රථ වාහන අනතුරු අලුත්වැඩියාවන් සඳහා ඔවුනට විශේෂිත අවධානයක් ලැබෙනු අත. එමෙන්ම මෙම ඔප්පු හිමියන් වෙත විශේෂ වට්ටම් සහ මහේන්ද්‍රා නියම අමතර කොටස් ලබා දීමද සිදුවනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා “සරල, ඩිජිටල් හා පරිමාණය කළ හැකි සේවාවන් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමේ තවත් පියවරක් ලෙස අයිඩියල් මෝටර්ස් හා අයිඩියල් First Choice සමඟ ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය සඳහන් කළ හැකියි.” යනුවෙන් සඳහන් කර ඇත..

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ/ අයිඩියල් First Choice පුද්ගලික සමාගමේ සභාපති නලින් වෙල්ගම මහතා “අපගේ වර්තමාන මෙන්ම අනාගත ගනුදෙනුකරුවන් වෙත වඩා වැඩි සේවාවක් ලබා දීම වෙනුවෙන් අලියාන්ස් ලංකා සමඟ ඇතිකර ගනු ලැබූ මෙම හවුල්කාරීත්වය පිළිබදව ඉතා සතුටු වන බවත් අයිඩියල් මෝටර්ස්හි විශිෂ්ට සේවාව අලියාන්ස් රක්ෂණ ඔප්පු හිමියන් අපේක්ෂා කරන ආකාරයෙන් ඔවුන් වෙත ලබා දීමට හැකි බව අපගේ විශ්වාසයයි”යනුවෙන් පවසා ඇත.

Visits: 105