නීතීඥ හර්ෂ අමරසේකර කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ නව සභාපතිවරයා ලෙස පත් කෙරේ
කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා නව සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයන් පත් කිරිමට රජය කටයුතු කර ඇත. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙලෙස කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබේ.
ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇත.
ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත ඊයෙ (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනමා තිබේ.
මේ අතරින් නීතීඥ හර්ස අමරසේකර මහතා මීට පෙර සම්පත් බැංකුවෙහි සභෘපතිවරයා ලෙස කටයුතු කළේය. එසේම අමල් කබ්රාල් මහතා වර්තමානයේදී සන්ෂයින හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. මොහාන් රේ අබේවර්ධන මහතා මීට පෙර කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. සංජේ කුලතුංග මහතා LYNEAR Wealth Management හි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරයි. ආචාර්ය හරෂ සුභසිංහ මහතා Codegen සමාගමේ මෙන්ම Vega Innovations සමාගමේ සම නිර්මාතෘවරයා සහ සම සභාපතිවරයාද වෙයි.