පුවත්

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස 2024 TAB Global 1000 හි ශ්‍රේණිගත වෙයි

ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නැවත වරක් ඒෂියන් බෑන්කර් සඟරාවේ ටැබ් ඉන්සයිට්ස් විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ගෝලීය
ශ්‍රේණිගත කිරීමෙහි නම් කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීමේ පදනම වන්නේ ශේෂ පත්‍ර කාර්ය සාධනයේ නිර්ණායක හයක් සලකා බලන සවිස්තරාත්මක සහ විනිවිද පෙනෙන ලකුණු ක්‍රමයකි. එය පරිමාණය කිරීමේ හැකියාව, ශේෂ පත්‍රයේ වර්ධනය, අවදානම, ලාභදායිතාව, වත්කම්වල ගුණාත්මකභාවය සහ ද්‍රවශීලතාවය යන අංශවලට අයත් විශේෂිත කාර්ය සාධන මිණුම් 14 කින් සමන්විත වේ.

“‍ශක්තිමත්භාවය මැනීමට භාවිත කරන ලද තක්සේරුකරණයන් දැඩි මෙන්ම විස්තීර්ණ සහ විෂය මූලික වෙනවා,”‍ යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දැක්වූයේය. “අප හා සම්බන්ධ වෙනත් බැංකු, ආයෝජකයින්, ගනුදෙනුකරුවන් සහ නියාමකයින් සඳහා මෙය විශ්වාසනීය මිනුම් ලකුණක් වනවා. අප සේවය කරන ප්‍රජාව සහ පෘථිවිය ඇතුළු සියලු‍ පාර්ශව කණ්ඩායම් වෙත වගකීම් නොපිරිහෙලා ඉටු කරන අතරම
ටැබ් ඉන්සයිට්ස් මගින් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස ශ්‍රේණිගත කිරීම කොමර්ෂල් බැංකු කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුට අතිශ තෘප්තියක් ගෙන දෙනවා.”

2024 ශක්ති දර්ශකයේ කොමර්ෂල් බැංකුව සමඟින් ආසියා පැසිෆික් කලාපයේ ඔවුන්ගේ රටවල ශක්තිමත්ම බැංකු ලෙස ANZ සමූහය (ඕස්ට්‍රේලියාව), චයිනා
මර්චන්ට් බැංකුව (චීනය), කොටක් මහින්ද්‍රා බැංකුව (ඉන්දියාව), මීසාන් බැංකුව (පකිස්ථානය), OCBC බැංකුව (සිංගප්පූරුව), Sumitomo Mitsui Financial Group (ජපානය), Bank Mandiri (ඉන්දුනීසියාව) සහ Public Bank (මැලේසියාව) ශ්‍රේණිගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *