පුවත්

TVS මෝටර් සමාගමේ නවතම TVS iQube ඉලෙක්ට්‍රික් ස්කූටර මාදිලිය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ප්‍රමුඛ පෙළේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදකයෙකු වන TVS Motor Company (TVSM), ඔවුන්ගේ TVS iQube ඉලෙක්ට්‍රික් ස්කූටරයේ 2.2 kWh බැටරි සහිත නව ස්කුටර ශ්‍රී ලංකා වෙළෙඳ පොලට හඳුන්වාදීම පසුගියදා සිදු විය. මෙම මාදිලිය රු. 799,000 ක හඳුන්වාදීමේ මිලකට ලබා ගත හැකි බව සමාගම පවසයි. ඒ අනුව TVS iQube දැන් විවිධ පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ප්‍රභේද 3කින් සහ වර්ණ හයකින් මිලදී ගත හැකියි.

TVS iQubeහි නව 2.2 kWh බැටරි මාදිලිය සැලසුම් කර ඇත්තේ විදුලි වාහන ක්ෂේත්‍රය පුළුල් කිරීමට සහ පාරිභෝගිකයින් සඳහා අඩු පිරිවැයක් ඇති ගුණාත්මක යතුරුපැදියක හිමිකම ලබාදීමටය. පරිසර හිතකාමී තිරසාර ප්‍රවාහනයේ පුරෝගාමියෙකු ලෙස, TVS නව්‍ය, විශ්වාසදායක සහ ආකර්ෂණීය වාහන නිපදවමින් විදුලි වාහන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ස්ථිරව කැපවී සිටියි. මෙම කැපවීම TVS Lanka සමඟ බැදූනු ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් මගින් තවදුරටත් වැඩි දියුණු කර ඇත.

ප්‍රධාන මූලධර්ම තුනකින් ආභාෂය ලබා ඇති TVS iQube, තාක්ෂණය, පහසු සහ ඉක්මන් ආරෝපණය සහ මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට විශාල මාදිලි පරාසයක් ලබා දීමටත්; වාහන ආරක්ෂක ක්‍රම සමග උසස් අත්දැකීමක් ලබාදීමටත් භාවිතයට පහසු විශේෂාංග හරහා පාරිභෝගිකයින්ට හොඳ අත්දැකීමක් ලබාදීමටත් කැපවී සිටියි.

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් TVS මෝටර් සමාගමේ විදුලි වාහන ජාත්‍යන්තර ව්‍යාපාරයේ උප සභාපති මධු ප්‍රකාශ් සිං මහතා පැවසුවේ, “TVS iQube දියත් කර මාස කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ එය ප්‍රචලිත වෙමින් පැවතීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙය TVS හි නව්‍ය සහ විශ්වාසනීය විදුලි වාහන විසඳුම් කෙරෙහි අපගේ පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය ශක්තිමත් කරනවා. ලෝකය පුරාම TVS iQube තෘප්තිමත් පාරිභෝගිකයින් ලක්ෂ 4ක ලඟා කරගෙන ඇති අතර, තිරසාර ප්‍රවාහන විකල්පයක් ලෙස එහි සාර්ථකත්වය අවධාරණය කරනවා. ගෘහස්ත විදුලියෙන් වේගවත්ම ආරෝපණය කිරීම, පැය දෙකකට අඩු කාලයකදී 0-80% ආරෝපණයක් ලබා ගැනීම, සැලකිය යුතු අඩු ධාවන පිරිවැයක් නිසාම මෙම නිෂ්පාදනය වැඩි පහසුවක්, දැරිය හැකි මිලක් සහ අසමසම ධාවන අත්දැකීමක් ලබා දීමට නිර්මාණය කර තිබෙනවා.” යනුවෙනි.

නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් TVS Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා පැවසුවේ, “TVS Lanka හි අප TVS iQube කෙටි කාලයක් තුළ ලබාගෙන ඇති ප්‍රතිචාරය පිළිබඳව සාඩම්බරයට පත් වෙමු යනුවෙනි. ශ්‍රී ලංකාවේ විදුලි යතුරුපැදි වැඩිවෙමින් පැවතීම රට තිරසාර සංචලනය වෙත මාරුවීමේ හොඳ සලකුණක් වන අතර මෙම සංක්‍රාන්තිය වේගවත් කිරීමට අපි කැපවී සිටිමු. නව 2.2 kWh ස්කුටරය දියත් කිරීමත් සමඟ, පහසුවෙන් ලබාගත හැකි අමතර කොටස් සහ දක්ෂ කාර්මික ශිල්පීන් ඇතුළු සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවේ සහාය ඇතිව, අපගේ දිවයින පුරා පුළුල් අලෙවි ජාලය හරහා ඉතා පහසුවෙන් සේවාවන් ලබාගත හැකි බව අපි සහතික කරනවා.“ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම TVS iQube 2.2 kWh බැටරි සහිත ස්කුටරය අද සිට TVS iQube Sri Lanka වෙබ් අඩවියෙන් සහ දිවයින පුරා අලෙවි නියෝජිතයන් 14 දෙනෙක් හරහා වෙන්කරවා ගත හැකිය. 2025 ජනවාරි වන විට ශ්‍රී ලංකාව පුරා තවත් අලෙවි මධ්‍යස්ථාන 25 දක්වා වැඩි කිරීමට සියල්ල සුදානම්ව ඇතැයිද එම සමාගම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *