පුවත්

පොත් කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කරන ලෙස නව රජයෙනුත් ඉල්ලයි

පොත් සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් මීළඟ ජාතික අයවැයට ඇතුළත් කරන ලෙස පොත්කර්මාන්තයේ සංගම් හතරක් එක්ව නැවත වරක් රජය වෙත යෝජනාවක් ඉදිරිපත් කර සිටියි.

මෙම යෝජනවට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සමඟ සම්බන්ධ ව අත්සන් කළ පාර්ශව අතරට ශ්‍රී ලංකා ලේඛක සංගමය, සමස්ත ලංකා පොත්
වෙළඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොත් ආනයනකරුවන් හා අපනයනකරුවන්ගේ සංගමය ද ඇතුලත් විය.

මෙහිදී 2024 ජනවාරි 1 වන දාට පෙර තිබූ පරිදි වැට් බද්දෙන් නිදහස් අංශ ලයිස්තුවට පොත් ඇතුලත් කරන ලෙසට මෙම සංගම් නව රජයෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම දේශීයව පොත් නිපදවීමේදී මිනිස් ශ්‍රමය හැර අන් සියලු ද්‍රව්‍යක්ම ආනයනය කරනු ලබන බවත් එහිදී, ආනයනය කරන
අවස්ථාවේ සිටම ශ්‍රී ලංකාවේ පොත් කර්මාන්තය මත දැනටමත් 33.045% ක බදු ගෙවමින් ඇති බව මෙම යෝජනාව ඉදිරිපත් කරමින් සංගම් හතර පෙන්වා දී ඇත.

එයට අමතරව පොත්, විකුණන අවස්ථාවේ දී ද 18%ක එකතු කළ අගය මත (VAT) බද්දක් පැනවීම හේතුවෙන් බොහෝ පිරිසකට දරාගත නොහැකි වන අයුරින්
පොත්වල මිල ඉහළ ගොස් ඇති අතර, කුඩා පරිමාණ ප්‍රකාශක ව්‍යාපාර වැසී යාමේ අනතුරට මුහුණ පා ඇති බවද එමගින් පෙන්වා දී තිබේ.

ප්‍රවෘත්ති සාකච්චාවේදී, මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ (SLBPA) සභාපති සමන්ත ඉන්දීවර මහතා පෙන්වා දුන්නේ, නව රජයේ නියෝජිතයින් පෙර පොත් මත පනවා තිබෙන වැට් බද්ද ඉවත් කිරීම තුළින් සමාජමය ප්‍රතිලාභ බොහෝමයක් අත්කර ගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *