පුවත්

Finco Holdings සමාගම Asia Asset Finance PLC හි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන Asia Asset Finance PLC හි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 12,270,727ක් මිලදී ගැනීමට Finco Group සමූහයේ Finco Holdings පෞද්ගලික සමාගම පියවර ගෙන ඇතැයි පවසයි.

සුප්‍රසිද්ධ ඇල්ෆා සන්නාමයේ නිෂ්පාදන සහ Finco Technologies යන සමාගම් ඇතුළුව නිෂ්පාදන, සංචාරක, තොරතුරු තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර රැසක මෙම Finco Holdings පෞද්ගලික සමාගම ව්‍යාප්තව පවතී.

ඊයේ දිනයේදී සිදුව ඇති මෙම ගනුදෙනුවේදී එක් කොටසක් රුපියල් 18.20කට මිලදී ගෙන ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 223,327,231.40 කි.

මෙම මිලදී ගැනීම සිදු කරන අවස්ථාව වනවිට Finco Holdings පෞද්ගලික සමාගම සතුව Asia Assest Finance PLC හි කොටස් 297,011ක හිමිකාරීත්වයක් පැවතුණි.

මෙම අත්පත් කරගැනීමත් සමගින්ම එය කොටස් 12,567,738ක් දක්වා ඉහළ යන අතර එය සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 10.12%ක ප්‍රතිශතයකි.

මෙහිදී අදාළ කොටස් අලෙවි කර ඇත්තේ Asia Asset Finance PLC හි හි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා ලෙස සිටි ටී.සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමයි.

ඒ අනුව මෙම ගනුදෙනුවත් සමගින්ම Finco Holdings පෞද්ගලික සමාගම Asia Asset Finance PLC හි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්ව තිබේ.

Asia Asset Finance PLC හි වැඩිම කොටස් හිමිකාරීත්වය පවතින්නේ ඉන්දියාවේ මුතූට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමටයි. එය කොටස් 90,558,778ක් එනම් 72.92%ක ප්‍රතිශතයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *