ශ්‍රී ලංකාවේ Air Ceilao 2025 මැයි මාසයේ සිට වාණිජ මෙහෙයුම් ඇරඹීමට සූදානමින්ලු
මෙරට සිට ජාත්‍යන්තර වාණිජ ගුවන් මෙහෙයුම් සිදු කිරීමට සූදානමින් සිටින Air Ceilao ගුවන් සමාගම ලබන 2025 වසරේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් ඇරඹීමට බලාපොරොත්තුව සිටින බව පවසයි.
එම සමාගම පසුගියදා ඊට අදළ ගුවන් මෙහෙයුම් සහතිකය (AOC) ලබා ගැනීම සඳහා වන අයදුම්පත්‍රය ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇතැයි සඳහන් වෙයි.
Air Ceilao ගුවන් සමාගම ඉදිරිපත් කර ඇති සැලසුම්වලට අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ සිට එක්සත් අරාබි අමීරය, ඉන්දියාව සහ සිංගප්පූරුව වෙත ගුවන් ගමන් සිදු කිරීමට බලාපොරොත්තුව සිටියි.
මෙහිදී එම සමාගම සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා A320 මාදිලියේ ගුවන් යානා දෙකක් යොදා ගැනීමට අදහස් කරගෙන සිටින බව පවසයි.
මෙම මෙහෙයුම් යටතේ සතියකට පස්වතාවක් කොළඹ සහ ඩුබායි අතරත්, සතියකට පස්වතාවක් කොළඹ සිට දෝහා දක්වාත්, සතියකට පස්වතාවක් කොළඹ සිට චෙන්නායි දක්වාත්, සතියකට සිව්වතාවක් බැංකොක් නුවර වෙතත්, සතියකට සිව්වතාවක් සිංග්පපූරුව වෙතත්, සතියකට තෙවතාවක් මාලදිවයින වෙතත් ගුවන් මෙහෙයුම් සිදු කිරීම Air Ceilao සැලසුම වී තිබේ. මෙම ගුවන් ගමන් සියල්ලම ආපසු පැමිණෙන ගුවන් යානා වෙයි.
Air Ceilão’s සමාගමට මෙම ගුවන් මෙහෙයුම් සහතිකය ලබා ගැනීමට හැකියාව ලැබුණොත් එම සමාගම ශ්‍රී ලංකාව තුළ කාලසටහනකට අනුව ගුවන් මෙහෙයුම් සිදුකරන සිව්වැනි ගුවන් සමාගම බවට පත්වෙයි. මේ දක්වා ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ෆිට්ස්එයාර් ගුවන් සමාගම සහ සිනමන් එයාර් ගුවන් සමාගම එලෙස ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම සිදු කරයි.
![](https://sinhala.enbsl.lk/wp-content/uploads/2020/04/EAB-subs-3-1024x125.jpg)