පුවත්

Associated Motorways (AMW) නවතම AMW Karate යතුරුපැදි බැටරි හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වසනීය නාමයක් වන Associated Motorways (AMW) සමාගම AMW Karate බැටරි සන්නාමය යටතේ සිය නවතම හඳුන්වාදීම වන 12V 5Ah යතුරුපැදි බැටරි මාදිලිය පසුගියදා සාඩම්බරයෙන් එළිදක්වනු ලැබීය. 

‘රණශූරයෙකුගේ බලය’ යන අලෙවි තේමාව යටතේ වෙළඳපොළට හඳුන්වාදෙන AMW Karate බැටරි මාදිලිය යතුරුපැදි ධාවකයන් වෙනුවෙන් නව ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇති අතර එය වෙළඳපොලේ පවතින බොහොමයක් 150cc යතුරුපැදි සහ ස්කූටර් මාදිලි සඳහා යෝග්‍ය වන ලෙස නිපදවා ඇත.  

AMW Karate බැටරි වැඩි කල්පැවත්මක් සඳහා නවීන තාක්ෂණය භාවිතයෙන් නිපදවන අතර උසස් තත්වයේ අම්ල හා ලෝහ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබයි. තවද කල්පවතින ලෙස නිමැවූ පරිවාරක ආවරණය, බැටරියේ ඇසුරුම් උපාංග හා ඉහළ තාක්ෂණය භාවිතයෙන් සිදු කරනු ලබන මුද්‍රා තැබීම නිසා මෙම බැටරිය පාරිභෝගිකයින්ට ඉහළ විශ්වාසයෙන් මිලදී ගැනීමේ හැකියාව පවතී.

AMW සමාගම සතු සාඩම්බර නාමයට සරිලන පරිදි, මෙම බැටරි උසස් තත්ත්වයේ කාර්ය සාධනයක් සහිතව විශේෂ මිළකට පාරිභෝගිකයන්ට හඳුන්වාදෙන අතර දිවයින පුරා යතුරුපැදි ධාවකයින් සඳහා මෙය හොඳම තේරීමක් වනු නොඅනුමාන බව සමාගම පවසයි.

මෙලෙස AMW Karate බැටරි මාදිලිය හඳුන්වාදීම, සිය පාරිභෝගිකයින්ගේ දිනෙන් දින වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට නවීන සහ උසස් තත්වයේ නිෂ්පාදන හඳුන්වාදීමට AMW සමාගම සතු කැපවීම පෙන්නුම් කරයි. මෙම බැටරි මාදිලිය දිවයින පුරා Yamaha අලෙවි නියෝජිතයන්ගෙන් මිලදී ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *