CG Corp Global හි කළමනාකාර අධ්‍යක්ෂ නිර්වාන් චෞද්රි ජනපති හමුවෙයි
නේපාලයේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන CG Corp Global හි කළමනාකාර අධ්‍යක්ෂ නිර්වාන් චෞද්රි මහතා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ බව පවසයි.
CG Corp Global සමූහය අද වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක වටිනාකමක් සහිත සමාගමක් වන අතර, එය ලොව පුරා රටවල් 30ක සමාගම් 136ක් සහ සන්නාම 70ක් සමගින් සිය ව්‍යාපාර කටයුතු සිදු කරයි.
එසේම CG Corp Globalසමූහය ශ්‍රී ලංකාව තුළ ක්ෂේත්‍ර රැසකම ආයෝජන සිදු කර ඇති සමාගමකි.
ඒ අතරින් එම සමාගම මෙරට සිදු කර ඇති විශාලතම ආයෝජනය වන්නේ යුනියන් බැංකුව තුළ සිදු කර ඇති ආයොජනයයි. නිර්වාන් චෞද්රි මහතා වර්තමානයේදී එහි උප සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරයි.
එසේම එම සමාගම් සමූහය මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හා එක්ව පිහිටුවා ගත් JKCG සමාගම මෙරට වෙත BYD විදුලි මෝටර් රථ ගෙන්වා බෙදාහැරීමේ එකම නියෝජිතයා ලෙස කටයුතු කරයි.
මෙම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නිර්වාන් චෞද්රි මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවස්ථාව ලැබීම ගෞරවයක් බවත්, ඉදිරියටත් ශ්‍රී ලංකාව සමගින් එක්ව කටයුතු කිරිමට සූදානම් බවත් පවසා තිබේ.
එසේම CG Corp Global සමූහය තවදුරටත් ශ්‍රී ලංකාවේ වර්ධනය සහ සංවර්ධනය වෙනුවෙන් අවශය සහයෝගය ලබා දෙන බවත් ඔහු සඳහන් කර ඇත.
මෙම හමුව සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාද සම්බන්ධ වී තිබේ. මෙහිදීනිර්වාන් චෞද්රි මහතා විසින් බුදුන් වහන්සේගේ රුව දැක්වෙන සිතුවමක්ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.