පුවත්

ඇක්සස් ඉන්ජිනියරින් වෙතින් රු. 1 බැගින් රු. බිලියන 1ක ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇක්සස් ඉන්ජිනියරින් පීඑල්සී සමාගම (AEL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.

මෙය 2025 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජනවාරි 06 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස දෙසැම්බර් 17 වැනිදා නම් කර තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නැත.

2024 සැප්තැම්බර් 30 වැනිදා වනවිට සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 250,000,000ක් එනම් 25%ක ඇක්සස් සමූහයේ සභාපතිවරයා වන සුමල් පෙරේරා මහතා වෙත හිමිය. එසේම කොටස 102,000,000ක් එනම් 10.20%ක ප්‍රතිශතයක් ජේ.සී. ජොෂුවා මහතාට සහ කොටස් 70,000,000ක් එනම් 7%ක ප්‍රතිශතයක් ආර්.එම්.එන් ජොෂුවා මහත්මිය වෙත හිමිය.

ඇක්සස් ඉන්ජිනියරින් සමාගම මගින් මේ දක්වා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් බිලියන 1ක් නිකුත් කර ඇති අතර, සමස්ත ලාභාංශ ගෙවීමේ වටිනාකම රුපියල් බිලියන 1ක් ලෙස සටහන්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *