HNB කාඩ්පත් හිමියන්ට මේ උත්සව සමයේ ‘’Anthem of the Seas” හි සංචාරයක් දිනා ගැනීමට අවස්ථාව
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳ ගනිමින් සිය කාඩ්පත් හිමියන් වෙත 70%ක් දක්වා සුවිසල් වට්ටම් හා ප්‍රතිලාභ ලබා දීමට සූදානමින් සිටින බව නිවේදනය කර ඇත.
මෙහිදී ජනප්‍රිය දේශීය හා විදේශීය සන්නාමයන් රැසක පාරිභෝගික භාණ්ඩ, ආහාර, හෝටල් හා නවාතැන් පහසුකම් මෙන්ම නිවසට අවශ්‍ය විදුලි උපකරණ, ඇඳුම් පැළඳුම් හා උපකරණ ඇතුලු තවත් බොහෝ දේ ඉහළ වට්ටම් යටතේ මිලදී ගැනීමේ හැකියාව HNB කාඩ්පත්හිමියන් වෙත උදාවනු ඇත.
ඊට අමතරව ස්වර්ණාභරණ, සුපිරි වෙළෙඳසැල් හා මෝටර් රථ සේවා මෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි හරහා සිදුවන ගනුදෙනු සඳහා ද මෙම වට්ටම් හා ප්‍රතිලාභ හිමි කර ගැනීමට ඔවුන්ට හැකියාව ඇත. තවද HNB Prestige Prime කාඩ්පත්හිමියන් වෙත තෝරාගත් මෝටර් රථ අලෙවිකරුවන් වෙතින් 40%ක් දක්වා වට්ටම් හිමි කර දීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි.
මේ අතර මෙම සියලු ගනුදෙනු අවසානයේ අවසන් මහා දිනුම් ඇදීම තුළින් තෝරා ගනු ලබන වාසනාවන්ත ජයග්‍රාහකයින් හට දකුණු ආසියාවේ විශාලතම සුඛෝපභෝගී මගී නෞකාවක් වන ‘’Anthem of the Seas’’ හි අමතක නොවන සංචාරයක් සඳහා ටිකට් පත් දෙකක් හිමිකර ගැනීමේ අවස්ථාවද උදා වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි කාඩ්පත් ප්‍රධානී ගෞතමී නිරන්ජන් මහත්මිය සඳහන් කර සිටියේ “මෙවර උත්සව සමයේදී අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා දීමට අපි අදහස් කළා. ඔවුන් සිදුකරන සෑම ගනුදෙනුකවකදීම සැලකිය යුතු වට්ටම් හා ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇති අප ඒ තුළින් ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව ඔවුන් වෙත ලබා දී තිබෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරා ගන්නා අතරතුර එම ගනුදෙනුවලින් ජයග්‍රාහකයකු බවට පත්වීමේ අවස්ථාව උදාකර දෙමින් මේ උත්සව සමය සතුටින් ගත කිරීමේ අවස්ථාව ඔවුන් වෙත ලබා දීමට හැකි වීම උත්සව සැමරුම් වෙනුවෙන් අපගේ කැපවීම වඩාත් පෙන්නුම් කරනවා” යනුවෙනි.
අවසන් මහා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට සියලු HNB ක්‍රෙඩිට් කාඩ්පත්හිමියන් විසින් මෙම ප්‍රවර්ධන කාල සීමාව තුළ අවම වශයෙන් රුපියල් 100,000ක ගනුදෙනු සම්පූර්ණ කළ යුතු අතර එසේ වියදම් කරනු ලබන සෑම අමතර රුපියල් 10,000ක් සඳහාම ද අවසන් මහා දිනු ඇදීමට ඇතුලත් වනු ඇත. ඉන් ජය ගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයින් හා ඔහුගේ/ඇයගේ සමීපතමයෙකු හට සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනු ඇත.