පුවත්

සයිනෝපෙක් මෙරටදී සහ චීනයේදී සමගාමී බලශක්ති කුසලතා වර්ධන වැඩසටහනක් දියත් කරයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක් සමාගම කොළඹදී සහ චීනයේ බීජිංහිදී සමගාමී බලශක්ති කුසලතා වර්ධන වැඩසටහනක් දියත් කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒකාබද්ධ වෘත්තීය පුහුණු වැඩසටහනක් ලෙස සැලසුම් කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ බලශක්ති ශ්‍රම බලකායේ අනාගතය හැඩගස්වාලීම මූලික අරමුණු කරගත්තකි. ඒ අනුව මේ හරහා එම සමාගම ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය පෙන්නුම් කරන බවත් පවසයි.

විශේෂයෙන්ම සම්පත් ඒකාබද්ධ කිරීම සඳහා වන සයිනෝපෙක්හි කැපවීම, ගෝලීය විශේෂඥතාව සහ ජාතීන් දෙක අතර බෙදාහදාගත් වටිනාකම් ප්‍රදර්ශනය කෙරෙන බවත් ඔවුන් සඳහන් කරයි.

මෙම බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන මගින් සයිනෝපෙක් සහ දේශීය පාර්ශ්වකරුවන්ගේ ප්‍රවීණත්වය එක් කරමින් පරිවර්තනීය අවස්ථා නිර්මාණය කිරීම සඳහා නව සහයෝගීතා ආකෘතියක් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව මෙහිදී අදාළ පුහුණු සමාරම්භක කණ්ඩායමට සයිනෝපෙක්හි බලයලත් ඉන්ධන පිරවුම්හල් එකසිය පනහක ජාලයකින් තෝරාගත්, ශ්‍රී ලංකාවේ ඉහළම කාර්යසාධනයක් සහිත ස්ථාන කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලයේ දහඅට දෙනෙකු ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන අදියර දෙකකින් යුක්ත අතර, මූලික පුහුණුව කොළඹදීද වඩාත් ගැඹුරු ප්‍රායෝගික ඉගෙනීමේ අත්දැකීම් පුහුණුව චීනයේදීද ලබාදීම සැලසුමයි.
ඒ අනුව මෙරටදී සිදුකළ මූලික අදියරේ පුහුණුවකින් අනතුරුව මෙම පිරිසට මේවනවිට චීනයේ දින දහයක පුහුණුවක්ද ලබාදීමට කටයුතු කර තිබේ.

මෙහිදී ප්‍රථමයෙන්ම සයිනෝපෙක්හි උසස් මෙහෙයුම් ප්‍රමිතීන්, නවෝත්පාදන ආරක්ෂණ ප්‍රොටෝකෝල සහ උපායමාර්ගික දැක්ම සහ පුහුණුව ලැබීමට ඔවුන්ට අවස්ථාව උදා කරදී ඇත.

ඒ අතරින් කොළඹ පැවති පුහුණු සැසියේදී පිරවුම්හල් මෙහෙයුම් සහ එච්.එස්.සී. (සෞඛ්‍යය, ආරක්ෂාව, පරිසරය) ප්‍රමිතීන් පිළිබඳ න්‍යායාත්මක අධ්‍යයනයන් කෙරෙහි අවධානය යොමු කරන ලද අතර, බීජිං අදියරේදී සයිනෝපෙක්හි විශේෂඥ කණ්ඩායම් විසින් මෙහෙයවන ප්‍රායෝගික පුහුණුව ලබාදීමද සුවිශේෂිය.

මෙහි විෂය මාලාව දේශන සහ සයිනෝපෙක්හි ප්‍රධාන ස්ථාන වෙත නිරීක්ෂණ චාරිකා හරහා න්‍යායික අධ්‍යයනය සහ ප්‍රායෝගික භාවිතය සමග ඒකාබද්ධ කර තිබේ.

ඒ අනුව කාර්මික සහ සංස්කෘතික සහයෝගීතාව පෝෂණය කරමින් සයිනෝපෙක්හි ගෝලීය මෙහෙයුම් සහ ආයතනික සංස්කෘතිය පිළිබඳ සහභාගිවන්නන්ගේ අවබෝධය තක්සේරු කරන දැඩි කුසලතා විභාගයකින් මෙම පුහුණුව අවසන් කෙරෙනු ඇතැයිද එම සමාගම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *